ව්‍යවසායකියන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම, පුහුණුව සහ දිරිගැන්වීම් ලබාදීමේ අරමුණින් ස්ථාපිත කළ නව විදතා සේවා හා තාක්ෂණ ආධාරක මධ්‍යස්ථානය එළඹෙන ජූනි 04 වැනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මඩකලපුවේ ස්ථාපිත කර ඇති මෙම නව සේවා හා තාක්ෂණ ආධාරක මධ්‍යස්ථානය හුදෙක් ශාස්ත්‍රීය පහසුකමක් පමණක් නොව, ප්‍රදේශයේ ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වන ප්‍රායෝගික මධ්‍යස්ථානයක් බවද ඔහු සඳහන් කළේය.
විදතා වැඩසටහන හරහා අඩු පිරිවැයක් සහිත, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම මගින් කෘෂිකර්මාන්තය, පශු සම්පත් හා ධීවර කර්මාන්තය ඉහළ අස්වැන්නක් ලබාදෙන තරඟකාරී වාණිජ ක්ෂේත්‍ර බවට පරිවර්තනය කිරීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
තවද, මෙම මධ්‍යස්ථානය මගින් කිරි ගොවීන් සහ කෘෂි ව්‍යවසායකයින් සඳහා නවීන තාක්ෂණික පුහුණු වැඩසටහන්, පසු අස්වනු හානි අවම කිරීමේ ක්‍රමවේද සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇසුරුම්කරණ විසඳුම් ලබාදීමට මූලිකත්වය ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


