ලෝක සාම පා ගමනේ සිව්වැනි දිනය අදයි.
පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන්වහන්සේලා අද (25) මාවනැල්ල බෙලිගම්මන , විද්‍යාවර්ධන පොත්ගුල් විහාරය අභියසින් සිව්වැනි දිනට සාම පාගමන ආරම්භ කළහ.
ඊයේ පෙරවරුවේ උන්වහන්සේලා මහනුවරින් ගමන් ආරම්භ කළ අතර පස්වරුවේ මෙම විහාරස්ථානයට ළඟා වූහ.
මෙම සාම පා ගමන අද මාවනැල්ල , බෙලිගම්මන , විද්‍යාවර්ධන පොත්ගුල් විහාරය , කුඩුගාල හන්දිය , කෑගල්ල , ගලිගමුව ඔස්සේ තෝලංගමුව ජාතික පාසලට ළඟා වීමට නියමිත වේ.
එසේම හෙට දිනයේ තෝලංගමුව ජාතික පාසලෙන් ගමන් ආරම්භ කරන මෙම පා ගමන අඹේපුස්ස , වරකාපොළ , පස්යාල , නිට්ටඹුව ,තිහාරිය හරහා යක්කල අබේසේකරාරාමයට පැමිණේ.


