මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන වෘත්තියක් ලෙස සංවර්ධන නිලධාරීන් සිදුකරන මෙහෙවර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇගයීමට ලක් කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශාඛාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා සංවර්ධන නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් කළේය.
සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය කටයුතු වලදී මතුව ඇති ගැටලු වලට කඩ්නමි විසඳුම් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණ අතර, එහි දී එම නිලධාරීන්ට සෘජුව හා වක්‍රව බලපාන වෘත්තීය ගැටළු විසදාලමින් වඩාත් විශිෂ්ට සේවාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම මෙරට ජනතාවට ලබාදීම සඳහා එම නිලධාරීන් යොදාගත හැකි ආකාරය සහ එයට බලපාන ගැටලු මෙන්ම මේවන විට පැන නැගී ඇති ගැටලු පිළිබඳව ඉතාමත්ම විධිමත් හා සාර්ථක වූ සාකච්ඡාවක් පවත්වන්නට විය.
මෙම සාකච්ඡාවේ දී සංවර්ධන නිලධාරී සේවා සංගමය නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන් ඉදිරිපත් කළ වෘත්තීය ඉල්ලීම් අතර, සංවර්ධන නිලධාරීන්ගේ උසස් වීම හා පුරප්පාඩු යාවත්කාලීන කිරීම, මේවන විට සෞඛ්‍ය සේවාවේ ක්ෂය වී යාමට ඉඩහැර ඇති තනතුරු රාශියක් (MN 05 වැටුප්තලවලට අදාළ) සදහා අදාළ උපාධිධාරීන් එම තනතුරු වලට බදවා ගැනීමට ඇති හැකියාව, මේවන විට තම වෘත්තීයට අදාළ රාජකාරී ලැයිස්තුවක් ලබා ගැනීම, අභ්‍යන්තර ස්ථාන මාරු ක්‍රමවේදය නිසි අයුරින් යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.
එමෙන්ම එම නිලධාරීන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයට බලපානු ලබන විශේෂ කරුණු කීපයක් පිළිබඳව මෙහිදී වඩාත් පුළුල්ව සාකච්ඡා සිදු කරන ලදි.
සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින්, ගැටළු හදුනා ගනිමින් එම ගැටළු නිරාකරණය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) I ජී.එම් ජනක කිත්සිරි ගුණවර්ධන, ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී.එස්. කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) I වසන්ත කුමාරසිංහ, අධ්‍යක්ෂවරුන්වන බී.ජී.එච්. දුලන්ති, නිමල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් සහ සංවර්ධන නිලධාරී සේවා සංගමය නියෝජනය කරමින් එහි සභාපති ජයන්ත ඒකනායක, ප්‍රධාන ලේකම් ඊ.පී.ඩී.පී. මංගල, සංවිධායක සමන්ත අලුත්දෙනිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


