ගල් අඟුරු ආනයනයේදී වංචාවක් සිදු වී ඇත්නම් ජනාධිපති කොමිසම් සභාවට තොරතුරු ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදේශ රැකියා, විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජය කිසිදු අවස්ථාවක දූෂණයකට හෝ වංචාවකට ඉඩ තබන්නේ නැති බවත්, ගල් අඟුරු ආනයනයේදී නිවැරදි ප්‍රසම්පාදනයට අනුකූලව එම කටයුතු සිදුකර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීම සඳහා අද පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයිද අමාත්‍යවරයා කීය.මාස 06ක් තුළ මෙම පරීක්ෂණ අවසන් කර අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවද කීය.
වඩාත් ස්වාධීනව එම පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා එම ධූරයෙන් ඉල්ලා අස් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දූෂණයට හෝ වංචාවට එරෙහිව කටයුතු කරන ආණ්ඩුවක් වශයෙන් යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මේ සඳහා වැරදිකරු වුවහොත් ඊට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.
සිවිල් ජනතාව සතුව මේ සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් මෙම කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.


