ගම්පහ දිස්ත්‍රික්කයේ "බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය" ජනතා අයිතියට

ගම්පහ දිස්ත්‍රික්කයේ  "බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය" ජනතා අයිතියට
  • SocialShare:
ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්රමය යටතේ වන කරස්නාගල , බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්යාපෘතිය  ජනතා අයිතියට පත්කිරීම විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්, නාගරික සංවර්ධන , ඉදිකිරීම් සහ නිවාස අමාත්ය අනුර කරුණාතිලක සහ චීන තානාපති කී ෂෙන්හොන්ග් (Qi Zhenhong)යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන්  අද(18)සිදු කෙරිණි .

 2017 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ව්යාපෘතිය සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ චීන සංවර්ධන බැංකුවේ හා ශ්රී ලංකා රජයේ මූල්ය සහයෝගිතාව මත අමෙරිකානු ඩොලර් මිලියන 229.5 ක මුදලක් වැය කොට ඇත. මෙහි ප්රධාන ඉදිකිරීම් කොන්ත්රාත්කරු වශයෙන් චයිනා මැෂිනරි ඉංජිනියරින් සමාගම කටයුතු කර තිබේ.

මෙම ව්යාපෘතිය යටතේ ගම්පහ , අත්තනගල්ල , මිනුවන්ගොඩ , මීරිගම සහ මහර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්රාම නිලධාරී වසම් 443ක් ආවරණය වන පරිදි පානීය ජල පහසුකම් සපයනු ඇත . මේ අනුව ජල කුළුණු 05ක් මගින් ප්රතිලාභීන් වෙත නව ජල සම්බන්ධතා 88,000 ක් ලබාදීම කළ හැකිය. මෙම ජල කුළුණු බැලුම්මහර, නයිවල, මිනුවන්ගොඩ , පස්යාල හා රන්පොකුණුගම යන ප්රදේශවල ඉදිකෙරිණි. ඝන මීටර් 1500ක ධාරිතාවක් සහිත මේ මගින් කිලෝමීටර් 504 දුරට ජලය බෙදා හැරීම සිදු කෙරේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද බස්නාගොඩ ජලාශය විවෘත කිරීමෙන් අනතුරුව කරස්නාගල ජල පවිත්රාගාරයද ආරාධිතයින් අතින් විවෘත කරමින් ජල යෝජනා ක්රමය ජනතා අයිතියට පත් කිරීම ද මේ අවස්ථාවේ සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා, අතරමග නැවතී තිබූ බස්නාගොඩ ජල ව්යාපෘතිය චීන රජයේ ණය ආධාර හා මහා භාණ්ඩාගාරයේ ප්රතිපාදන යටතේ නැවත ආරම්භ කර ජනතා අයිතියට පත් කිරීමට හැකි වූ බවත් ඒ සඳහා මෙරට ජනතාව ගෙවන බදු මුදල් යොදවා ඇති බවත් සඳහන් කළේය.
"ශ්රී ලංකාව හා චීනය ඉතා ශක්තිමත් මිත්රත්වයක් සහිත රටවල් දෙකක්. රාජ්ය තාන්ත්රික සම්බන්ධතා ඉතා විශ්වාසයෙන් ඉදිරියට යමින් තියෙනවා. ඉදිරියේදී තවත් ව්යාපෘති ගණනාවක් චීන ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතයි. ඒ අතර චීන ප්රදානයන් ද ලබා දෙනවා. 2025 අවුරුද්ද සඳහා මෙරට සියලු පාසල්වල දුවා දරුවන්ට චීන රජයේ නිල ඇඳුම් ලබා දුන්නා සේම 2026 වසරටත් පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබා දීමට කටයුතු කරන බව" අමාත්යවරයා පෙන්වා දුන්නේය.
විද්යුත් බස් රථ ලබා දීම, ඉලෙක්ට්රොනික් චාජර්ස් සෙන්ටර් (ඉලෙක්ට්රොනික් ආරෝපණ ස්ථාන) ස්ථාපිත කිරීම හා පාසල් දරුවන්ට විවිධ අවස්ථාවලදී පොත්පත්, පාසල් උපකරණ ලබා දීම චීන රජයේ ප්රදානයන් අතර වන බවත් මෙරට කඩා වැටී ඇති ආර්ථික තත්ත්වය යළි නගාසිටුවා ශක්තිමත් ස්ථාවර රටක් නිර්මාණය කරන්න මේ රජය පියවර ගන්නා බවත් ඒ පිළිබඳ සහතික වන බවත් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට අත්තනගල්ල ශ්රී අරහන්ත රාජමහා විහාරාධිපති, සීනාදී සිව් කෝරළයේ ප්රධාන සංඝනායක පන්නිල ආනන්ද නා හිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර නියෝජ්ය අමාත්යවරුන් වන ටී.බී.සරත් , මහින්ද ජයසිංහ , පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රුවන් මාපලගම, ධර්මප්රිය විජේසිංහ, හේමාලි වීරසේකර ඇතුලු මැති ඇමතිවරුන් ගම්පහ දිස්ත්රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතා ඇතුළු ප්රාදේශීය ලේකම්වරුන්, ජල ව්යාපෘති අධ්යක්ෂිකා මේනකා බොතේජු මහත්මිය, චීන නියෝජිතයින්, රාජ්ය නිලධාරීන්, ගම්වාසීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.