නොවිසඳුණු සේවක අර්ථසාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසඳුම් ලබාදීමට ජංගම සේවා වැඩසටහන් සතියක් සැප්තැම්බර් මස 22 වැනි දින සිට 26 වැනි දින දක්වා සියලුම දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලවල සිදු කෙරෙන බව කම්කරු අමාත්‍යංශය සදහන් කරයි.
එහිදී සාමාජිකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජික ගිණුම් තොරතුරු සහ ශේෂ පිරික්සීම, නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත අනුව නිවැරදි කර ගැනීම , සාමාජිකයින් ලියාපදිංචි කිරීම , පැමිණිලි භාරදීම කම්කරු නීතී සම්බන්ධව උපදෙස් ලබා ගැනීම වැනි ගැටලු සඳහා විසඳුම් ලබා ගත හැකි වේ.
එම සේවාවන් ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත, බී කාඩ්පත (ලියාපදිංචි වී ඇත්නම්), සේවායෝජකගෙන් ලබා ගත් ලිපිය (සංශෝධන සිදුකර ගැනීමට අවශ්‍යනම්) රැගෙන ළඟම පිහිටි කම්කරු කාර්යාලය වෙත පැමිණෙන ලෙස එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.


