එක්සත් රාජධානියේ නව වෙළෙඳ ප්‍රතිපත්ති මගින් ශ්‍රී ලංකාවට වැඩි වාසි

එක්සත් රාජධානියේ නව වෙළෙඳ ප්‍රතිපත්ති මගින් ශ්‍රී ලංකාවට වැඩි වාසි
  • SocialShare:
ශ්රී ලංකා රජයේ වර්තමාන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට සහය වෙමින්, එක්සත් රාජධානිය විසින් දියත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්රමය (Developing Countries Trading Scheme - DCTS) යටතේ ශ්රී ලංකාවට අතිශය වැදගත් ආර්ථික වාසි රැසක් හිමිව තිබේ.

 එක්සත් රාජධානියේ නව ප්රතිපත්ති මගින් ශ්රී ලංකාවේ ප්රධාන අපනයන ක්ෂේත්රයන්ට නව ජවයක් ලැබෙනු ඇත.

මෙම නව තීරුබදු පැකේජය යටතේ, ශ්රී ලංකාවෙන් අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු භාණ්ඩ රාශියකට බදු රහිතව එක්සත් රාජධානියේ වෙළෙඳපොළට ඇතුළු වීමට අවස්ථාව සැලසේ.
මෙම වසරේ සිට ක්රියාත්මක වීමට නියමිත නව යෝජනා ක්රමය, ශ්රී ලංකාවේ නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට විශාල පිටිවහලක් වනු ඇත.
 
විශේෂයෙන්ම, ඇඟලුම්, ආහාර සහ ඉලෙක්ට්රොනික උපකරණ වැනි නිෂ්පාදන සඳහා එක්සත් රාජධානියේ වෙළෙඳපොළට තීරුබදු රහිත ප්රවේශය ලැබීම ශ්රී ලංකා ආර්ථිකයට සුවිශේෂී වාසියකි.
මෙමගින් දේශීය ව්යාපාර සඳහා නව අපනයන අවස්ථා විවර වන අතර, රැකියා උත්පාදනයට හා සමස්ත ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.