''සිරි දළදා වන්දනාව'' අද තෙවැනි දිනටත්

''සිරි දළදා වන්දනාව'' අද තෙවැනි දිනටත්
  • SocialShare:

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (20) තුන්වන දිනටත් පැවැත්වේ.


දළදා සමිදුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා දළදා සමිදුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ. ලබන 27 දක්වා සෑම දිනකම මධ්‍යාහන 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාව සඳහා අවස්ථාව සැළසේ.