උතුම් ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය විසින් නිකුත් කරන පණිවුඩය

උතුම් ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය විසින් නිකුත් කරන පණිවුඩය
  • SocialShare:

ථේරවාදී බෞද්ධයන්ගේ අනන්‍යතාවය මුළු මහත් ලෝකයටම රැගෙන යන සුවිශේෂී ජාතික උරුමයක් වන ශ්‍රී දළදා වහන්සේ මෙරට බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූවා පමණක් නොව, සමස්ත ලෝ වැසියන්ගේ ඉමහත් ගෞරව පුදසත්කාර ලබන්නා වූ පූජනීය වස්තුවකි.

4 වන සියවසේ සිට මේ දක්වා මෙරට පාලකයන් විසින් සිය රාජ්‍යත්වයේ සංකේතය බඳු දළදා වහන්සේ විශාල අභියෝග මධ්‍යයේ දිවි හිමියෙන් රැකගත් අතර වර්තමානයේ දී ද මල්වතු - අස්ගිරි උභය මහා විහාරික මහා නායක ස්වාමීන්වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රි ලාංකේය අභිමානය ලෙස ශ්‍රි දළදා වහන්සේ ආරක්ෂා කරමින් ගෞරව පුද සත්කාර සිදු කරමින් සිටියි.

වසර 16ක් වැනි දිගු කාලසීමාවකට පසු ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා හා සමාන ශ්‍රී දළදා වහන්සේ දැක, වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබීම බෞද්ධ අබෞද්ධ සියලු රටවැසියන් ලැබූ සුවිශේෂී පුණ්‍යවන්ත අවස්ථාවකි.

ජනතා මතයට මූලිකත්වය දෙමින් නව පුනරුදයක ඇරඹුම සිදුවන 2025 වසරේ දීම උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවීම ජනතාවට මෙන්ම රජයට ද ලැබුණු භාග්‍යවන්ත අවස්ථාවක් වනු නිසැකය.

මෙරට සුවිශේෂී ජාතික උරුමයක් ලෙස දළදා වහන්සේ දැකබලා, වැඳපුදා ගැනීමේ උතුම් පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීමටත්, පැමිණෙන සියලූම ශ්‍රී ලාංකේය පුරවැසියන් වෙතත් මාගේ සුභාශිංසන සහ පුණ්‍යානුමෝදනාව එක් කරමි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.