“සිරි දළදා වන්දනාව” විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම

“සිරි දළදා වන්දනාව”  විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම
  • SocialShare:
2025.04.18 වන දින පස්වරු 03.30 ට ආරම්භ වන සිරි දළදා වන්දනාව එදින පස්වරු 05.30 දක්වාත්, ඉන් අනතුරුව 2025.04.19 වන දින සිට 2025.04.27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 05.30 දක්වා මහනුවර ශ්රී දළදා මාලිගය පරිශ්රයේ පැවැත්වීමට නියමිතය.
මෙම කාලය තුළ ශ්රී දළදා වහන්සේගේ හා දළදා මාලිගාව අවට පරිශ්රයේ ආරක්ෂාව, පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ශ්රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මහජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය සහ මාර්ග බාධක රාජකාරි යෙදවීම සිදු කරනු ලබන අතර, සහකාර පොලිස් අධිකාරී තනතුරෙන් ඉහල පොලිස් නිලධරයන් 35 දෙනෙකු ඇතුලුව පොලිස් නිලධරයන් 10,000 කට අධික ප්රමාණයක් රාජකාරි යෙදවීමට නියමිතය.
සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරය තුල අනවශ්ය රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම තදබදය අවම කර ගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුල් වීම 2025.04.17 වන දින සිට සීමා කිරීමකට ලක්කීරමට නියමිතය.
සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණෙන රථ වාහන පහත සඳහාන් ස්ථානයන්හි ගාල් කිරීමට කටයුතු කර, බැතිමතුන්ගේ පහසුව සඳහා එම ස්ථානවල සිට සහන ගාස්තුවක් යටතේ විශේෂ බස් රථ සේවා මඟින් ශ්රී දළදා මාලිගාව දක්වා ප්රවාහනය කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇත.
 ගම්පොල හා කොළඹ දෙස සිට පැමිණෙන වාහන ගැටඹේ හන්දියෙන් නවත්වා එම වාහන ගැටඹේ ක්රීඩාංගනයේ හා ගන්නෝරුව මාර්ගයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
 කුරුණෑගල කටුගස්තොට මාර්ගය දෙසින් පැමිණෙන වාහන 4 කණුව අසල නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
 මඩවල මාර්ගයේ පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
 මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රාකඩේ හන්දියෙන් ධර්මාශෝක මාවතේ නැවැත්වීමට පහසුකම් සලසා දී ඇති අතර සැහැල්ලු වාහන පී.ටී රාජන් ක්රීඩාංගනයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
 මහියංගනය (18 වංගුව) දෙස සිට පැමිණෙන වාහන පල්ලෙකැළේ බණ්ඩාරණායක විද්යාල ක්රීඩාංගනයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
 බදුල්ල දෙස සිට පැමිණෙන වාහන ගුරුදෙණිය ප්රදේශයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
එමෙන්ම මහනුවර නගරය හරහා ධාවනය කරනු ලබන දුර ගමන් බස් සේවා හා මහනුවර නගරයෙන් ආරම්භ වන ගමන් සේවා බස් රථ එලෙසම ක්රියාත්මක වන අතර එම බස් රථ YMBA අසල රජපිහිල්ල බස් රථ ගාල හා බෝගම්බර ක්රීඩාංගනය ඉදිරිපිට පමණක් නවතා තැබීමට කටයුතු කරනු ලබයි. තවද කෙටි ගමන්වාර බස් රථ නගරය තුළ නවතා තැබීමට අවසර නොදේ.
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය හරහා පැමිණෙන වාහන සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.
 කුරුණෑගල, මාතලේ මාර්ගවල සිට මහනුවර නගරය හරහා කොළඹ, නුවරඑළිය දෙසට ගමන් කරන වාහන කටුගස්තොට පාලම අසලින් ගොහාගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණිය දෙසට ගමන් කර කොළඹ සහ නුවරඑළිය දෙසට ගමන් කල හැකිය.
 කොළඹ නුවර මාර්ගයේ සහ නුවරඑළිය දෙස සිට කුරුණෑගල මාතලේ මහියංගනය දෙසට ගමන් කරන වාහන පේරාදෙණිය ගොහාගොඩ මාර්ගයෙන් පැමිණ කුරුණෑගල, මාතලේ සහ මඩවල හරහා මහියංගනය දෙසට ගමන් කල හැක.
 බදුල්ල දෙසට ගමන් කරන වාහන මහයියාව බිංගෙය අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නේකුඹුර හරහා බදුල්ල දෙසට ගමන් කළ හැක.
තම දෛනික අවශ්යතා සඳහා මහනුවර නගරය වෙත පැමිණෙන මහජනතාවගේ වාහන නගරයේ නවතා තැබීමට අවසර ලබා නොදෙන බැවින් එම වාහන නවතා තැබීම සඳහා පහත රථ ගාල් භාවිතා කළ හැක.
 වේවැල්පිටිය ක්රීඩාංගනය අසල රථ ගාල - සැහැල්ලු වාහන
 සහස් උයන රථගාල - සැහැල්ලු වාහන
 ගැටඹේ මහානාම ක්රීඩාංගනය- සැහැල්ලු වාහන
 මහයියාව සූසාන භුමිය ඉදිරිපිට- බස් රථ
 ධර්මාශෝක මාවත මහ වංගුවේ සිට ජපන් කඩේ හන්දිය දක්වා මාර්ගය- බස් රථ
 KMC රථගාල -සැහැල්ලු වාහන
 YMBA අසල රජපිහිල්ල බස් රථ ගාල- බස් රථ
 කරලිය රථගාල- සැහැල්ලු වාහන
 බෝගම්බර බන්ධනාගාරය ඇතුළත - බස් රථ
 බෝගම්බර ක්රීඩාංගනය - බස් රථ
 තැන්නේකුඹුර හන්දියේ සිට හාරගම මාර්ගයේ වම්පස - බස් රථ
 SWRD බණ්ඩාරනායක මාවත- බස් රථ
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළ පහත ස්ථාන වල මාර්ග බාධක යොදවා ඇත .
 විලියම් ගොපල්ලව මාවත හීරැස්සගල හන්දිය
 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ගැටඹේ ක්රීඩාංගණයේ ගේට්ටුව අසල
 අම්පිටිය රතු බෝක්කුව අසල
 මහයියාව වේවැල්පිටිය ක්රීඩාංගණය අසල
 ලේවැල්ල පාලම
 තැන්නකුඹුර මාර්ග බාධකය
 කටුගස්තොට පාලම අසල
 කඩුගන්නාව මාර්ග බාධකය
 දොඩම්වල පාලම අසල
 හන්තාන පාර IFS ආයතනය අසල
 පොල්ගොල්ල වේල්ල අසල
 බෝතලාපිටිය මාර්ග බාධකය
 බලකඩුව මාර්ග බාධකය
 දිගන හන්දිය
සැලකිලිමත්විය යුතු කරුණු -
සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණීමේදී සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත්, විශාල ප්රමාණයේ ගමන්මළු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්යුත් උපකරණ ශ්රී දළදා මාලිගාව වෙත රැගෙන ඒමෙන් වළකින්න.
සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථ වාහන පාලනය වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, පොලිස් නිල සුනඛ අංශය, ශ්රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවේ නිලධාරීන්ද රාජකාරී සඳහා යොදවා ඇත.
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.