වව්නියා, මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා අයවැයෙන් වෙන්වී ඇති මුදල් කාර්යක්ෂමව වියදම් කලයුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

වව්නියා, මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා  අයවැයෙන් වෙන්වී ඇති මුදල් කාර්යක්ෂමව වියදම් කලයුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:
2025 අයවැය මගින් වව්නියා, මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා වෙන්වී ඇති මුදල් කාර්යක්ෂමව වියදම් කලයුතු ආකාරය සහ ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ඇතිකිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29)වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් ජගදීශ්වරන් මහතා, අමාත්‍යාංශය නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය (SLTB), ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC), මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) සහ ශ්‍රී ලංකා දුම්රිය ඇතුළු දෙපාර්තමේන්තු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.හ.