පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල පාරිභෝගිකයින්ගෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කෙරේ.
එසේම උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
මෙම වියළි කාලගුණික තත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් අවම කර ගැනීමට එම මණ්ඩලය උපරිමයෙන් කටයුතු කරන බවත් මණ්ඩලය දැනුම් දේ.