සාත්තු සේවා වෘත්තිකයන් 2000ට මෙම වසරේ දී ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පෙබරවාරි 24 වැනි දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 155 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (18) එම කාර්යාංශයේදී සිදු කෙරුණු අතර ඊට කාන්තාවන් 15 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 02 දෙනෙකු අයත්වේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2038 දෙනෙකුට හිමිවී තිබේ.
එසේම ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමකින් බැවින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.