හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය අද(16) මහනුවරදී

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය අද(16) මහනුවරදී
  • SocialShare:

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද (16) මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

අද පෙ.ව 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.