වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා වනස්පති ජාතික වැඩසටහන ජූලි 15 ඇරඹේ

වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා වනස්පති ජාතික වැඩසටහන  ජූලි 15 ඇරඹේ
  • SocialShare:

වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ “වනස්පති ” වැඩසටහන එළබෙන 15 වැනිදා ගම්පහ බජ්ජන්ගොඩ රක්ෂිත වනාන්තර එළිමහන් රංගපීඨයේදී පෙ.ව 9.30ට ආරම්භ වන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී “වනස්පති ” වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.


පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්නුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි. එදිනට වනාන්තර 16ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවේය. ඊට මොණරාගල දිස්ත්‍රික්කයෙන් වනාන්තර 10ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් වනාන්තර 02 ක් ද අම්පාර දිස්ත්‍රික්යෙන් වනාන්තර 04ක් ද අයත් වන බවද පැවසීය.

2030 වනවිට අප රටේ වනාන්තර ප්‍රතිශතය 32% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවේය.
රක්ෂිත ලෙස වනාන්තර ප්‍රකාශයට පත් කිරීමේදී සාමාන්‍ය ජනතාවගේ ඉඩම් හෝ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් හෝ අත්පත් කර ගැනිමේ අදහදසක් මේ තුළ නැති බවත් අප රටේ පාරසරික සමතුළිතාවය බිඳිම නිසා ගැටළු ගණනාවක් රටේ මිනිසුන්ට ඇති වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.