තහනම් පිරමීඩ යෝජනා ක්‍රම මැඩපැවැත්විම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසිය.
පිරමිඩ ආකාරයේ මූල්‍ය යෝජනා ක්‍රම සමඟ සම්බන්ධ වීම නීතියෙන් තහනම් මෙන්ම එම යෝජනා ක්‍රම සමාජය තුළ විශාල ලෙස ප්‍රචලිත වීම මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය බිඳ වැටීමටද හේතුවන බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.
බැංකු ක්‍රියාවලියේ මෙන්ම මූල්‍ය පද්ධතියේ විස්වසනීයභාවය සහ සමස්ථ ආර්ථිකයම මෙමඟින් අවධානමට ලක්වන බවත් අද වනවිට පිරමීඩ යෝජනා ක්‍රමවල ව්‍යාප්තියේ වැඩි වීමක් තිබෙන බවත් එයට ජනතාවගේ නොදැනුවත්කම බලපාන බවද පැවසුවේය.
ශ්‍රි ලංකා මහ බැංකුව , අධ්‍යාපන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය , ශ්‍රි ලංකා පොලීසිය , ත්‍රිවිධ හමුදා මූලස්ථාන , මහජන ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රාදේශිය කාර්යයාල හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන් මාලාව සමග සම්බන්ධ වී පිරමිඩ යෝජනා ක්‍රමවල අනිසි ප්‍රථිපල සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසද මහ බැංකු අධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


