අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු දකුණු මිතුරු සෙවණ 2015 දී නිම කරනවා

    නොවැම්බර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) උතුරේ හා දකුණේ කලාකරුවන් එකතු වී නිර්මාණය කරන උතුරු දකුණු මිතුරු සෙවණ ඉදිකිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවත් එය 2015 වසරේදී නිමකිරීමට අපේක්ෂා කරන බවත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන ෙඅමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    රට පුරා සංස්කෘතික මධ්‍යස්ථාන 172ක් පිහිටුවා තිබෙනවා. එයින් ළමුන් 55,000කට අධික පිරිසක් සෞන්දර්ය විෂය පුහුණු වෙනවා.  උතුරු නැගෙනහිර ප්‍රදේශත් ආවරණය වන පරිදි සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකර තිබෙනවා. මෙහි පුස්තකාල සේවාවන්ද ක්‍රියාත්මකයි.
    සාර්ක් කලාපීය කලාකරුවන්ගේ ප්‍රධාන ම සංස්කෘතික මූලස්ථානය ලෙස ජාත්‍යන්තර සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2,177ක වියදමින් මාතර නාවිමන ප්‍රදේශයේ මේ වන විට ඉදිකරමින් පවතිනවා. එහි වැඩ කටයුතු 60%කින් නිම කර තිබෙනවා.
    කලාකරුවන් ඇගයිම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් වාර්ෂික ව ක්‍රියාත්මක වන අතර වයෝවෘද්ධ අගහිඟ ඇති කලාකරුවන් අතරින් කලාකරුවන් 950 දෙනකුට රුපියල් මිලියන 4.72ක මුදලක් මේ වසරේ වෙන් කර දී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya