අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලික ප්‍රවාහනයේ තිබෙන ගැටලුවලට අය-වැයෙන් විසඳුම්

    නොවැම්බර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ)  පුද්ගලික ප්‍රවාහනයේ තිබෙන ගැටලුවලට අය-වැයෙන් විසඳුම් ලබා දී තිබෙන අතර අන්තර් පළාත් සඳහා බස් රථ 3,100ක් හා පළාත්වලට බස්රථ 22,800ක් ඉදිරියේදී යොදවන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    නැණසල ගැන කතා කරනවා නම් බිල් ගේට්ස්ට ස්තුති කළ යුතුයි. අද අපේ දරුවන් විශ්ව ගම්මානයට ප්‍රවිෂ්ට වී තිබෙනවා. ගුණාත්මක සේවාවක් ඇති කරන්න තාක්ෂණය සමඟ නව සංකල්ප ගෙන ආවා. ඒකාබද්ධ කාලසටහනක් රටට අවශ්‍යයි. රියදුරන් කොන්දොස්තරවරුන් අපි පුහුණු කරනවා. ජී.පී.එස්. තාක්ෂණය බස්රථවලට හඳුන්වා දීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya