මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන්ගේ අරමුණ වෙනුවෙන් විදේශ ප්‍රතිපත්තිය ලඝු කරන්නට හදන්නට එපා

    නොවැම්බර් 15, 2014

    විපක්ෂය යම් රටක් එක්ක තරහ නම් අපේ විදේශ ප්‍රතිපත්තිය හොඳ නැති අතර මෙයට කියන්නේ පාවා දීම බවත් තමන්ගේ අරමුණ වෙනුවෙන් විදේශ ප්‍රතිපත්තිය ලඝු කරන්නට හදන්නට එපා යැයි ද වරාය, මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා විදේශ කටයුතු අමාත්‍යංශයේ 112 වැය ශීර්ෂය විවාදයට ගැනිණි.

    අද අපේ රට පුරා නිදහස තිබෙනවා. උතුරේ ජනතාව දකුණටත්,දකුණේ ජනතාව උතුරටත් නිදහසේ යනවා. ඒ නිදහස් සාමකාමී වාතාවරණය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතායි. අපගේ විදේශ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරනවා. වසර 30ක යුද්ධය නිසා සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝගේම මානව හිමිකම් කඩ වුණා. 2009 මැයි 19 සිට මානව හිමිකම් කඩ වෙන්නේ නැහැ. ළමා සොල්දාදුවෝ බඳවා ගන්නේ නැහැ. මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් 24ක් අපට විරුද්ධ වුණා. නමුත් තව රටවල් 24ක් අපිත් සමඟ ඉන්නවා. අපිට විරුද්ධ වූ ඉතුරු රටවල් ටික දිනා ගැනීමත් අපගේ විදේශ ප්‍රතිපත්තියේ එක් අරමුණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya