අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සතොසට සමූපකාරයට මුල්තැන ලබාදෙමින් කටයුතු කළා

    නොවැම්බර් 12, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) එක්සත් ජාතික පක්ෂය භාණ්ඩ මිල පාලනය කිරීමට කිසිම ආයතනයක් රජය යටතේ තබා ගත්තේ නැති බවත් 2005 බලයට පත් ජනාධිපතිතුමා සතොසට, සමූපකාරයට මුල්තැන ලබාදෙමින් භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කළ බවත් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ 149, 295, 297, 299 හා 303 වැය ශීර්ෂයන් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ 187 වැය ශීර්ෂය ද සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ 116, 298, 300 හා 302 වැය ශීර්ෂයන් ද අද පස්වරු 1.00 සිට 6.30 දක්වා විවාදයට ගැනිණි.

    සමුපකාර සියල්ල ම විමධ්‍යගත කර තිබෙන්නේ. ඒවා පළාත් අනුව තමයි පාලනය වෙන්නේ. රට පුරා සිටින මහ ඇමැතිවරුන්ට එන්න කියා අපි කිව්වා. ඒ අය අපි හමුවුණා. මේ සංවර්ධන කටයුතුවලට අපි ප්‍රතිපාදන ලබා දෙනවා. ඒත් උතුරේ මහ ඇමතිවරයා අපි කතා කළාට ආවේ නැහැ. එතුමා ඉන්නේ වෙන ම රටක වගෙයි. එතුමා ව අප හා සම්බන්ධ කිරීමෙන් මේ සංවර්ධනය ලබා දිය හැකි බවත් ජනාධිපතිතුමා වැඩි ම ප්‍රතිපාදන වෙන් කළේ උතුරට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වෙනදා විපක්ෂය භාණ්ඩ මිල ගැන කතා කළා. අද විපක්ෂයට භාණ්ඩ මිල ගැන කතා කරන්න දෙයක් නැහැ. භාණ්ඩ මිල සාධනීය අයුරින් අඩුකර තිබෙනවා. වසර 17ක් පාලනය කර එජාප ආණ්ඩු කාලයේදී මේ රටේ උද්ධමනය තනි ඉලක්කමේ තිබුණේ වසර තුනක පමණයි. නමුත් 2005න් පසුව මේ රටේ උද්ධමනය තනි ඉලක්කමේ පවත්වා ගෙන යාමට රජය සමත් වුණා. විපක්ෂය මෙයට අකමැතියි. ජනාධිපතිතුමා රට භාරගන්නා විට සුනාමියෙන් හා යුද්ධයෙන් රට විනාශ වී තිබුණා. යුරෝපය ආර්ථික අවපාතයකට මුහුණ දී තිබුණා. ඒ සියල්ල ජය ගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිතුමා නායකත්වය දුන්නා යැයි ද ඔහු කීය.

    අකිල මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාට කිව්වා ගමේ බයියා කියලා. නමුත් මොළේ තිබුණ ජේ.ආර්. ජනාධිපතිතුමාට වඩා, පළපුරුද්ද තිබුණ ප්‍රේමදාස ජනාධිපතිතුමාට වඩා උද්ධමනය තනි ඉලක්කමේ තබා ගැනීමට තරම් ගමේ බයියාට දක්ෂතාවක් තිබ්බා. සමූපකාරය ගොඩගැනීමට රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දුන්නා. සමුපකාරය බදුවලින් නිදහස් කිරීමට පියවර ගත්තා. අලුත් ලෝකයට ඔබින පරිදි සමූපකාරය ඉදිරියට ගෙනාවා. බදුවලින් ආයෝජනය කරමින් සතොස, සමූපකාරය දියුණු කර තිබෙනවා. විනෝ මන්ත්‍රීතුමා කිව්වා උතුරේ සතොසට කිසි ම දෙයක් දෙන්නේ නැහැ කියලා. අපි උතුරු පළාතට සමූපකාර සංවර්ධනයට මුදල් යොදවන්න උතුරු පළාතේ සමූපකාර ඇමැතිවරයා වන මහ ඇමැතිවරයාට සාකච්ඡාවලට එන්න කිව්වට ඔවුන් එන්නේ නැහැ. මෙතනදී ඔහු ඒ ගැන කතා කළේ ලෝකයටයි. මීට පෙර උතුරේ සමූපකාර, සතොස තිබුණේ ප්‍රභාකරන්ටයි. දැන් එහෙම තත්ත්වයන් නැහැ. කොළඹ සංවර්ධනය කරනවා වාගේ ම උතුරත් සංවර්ධනය කර තිබෙනවා. එජාපය කොළඹ සංවර්ධනය කරනවාට කැමැති නැහැ. දෙමළ ජාතික සන්ධානය උතුර  සංවර්ධනයට කැමැති නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya