මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍නවවැනි දිනය අද‍ Featured

    නොවැම්බර් 13, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 9 වැනි දිනය වන අද (13) අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය යන අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 5,500,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 7,000,000,000ක් ද අනුමත කරගැනීමට ද

    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 808,725,000ක් ද මූලධන වියදම් සඳහා රු. 4,000,000,000ක් ද අනුමත කරගැනීම‍ට ද ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


    ‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ 156 හා 215 වැය ශීර්ෂයන් විවාදයට ගනු ලබන අතර පස්වරු 1.00 සිට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ 123, 309 සිට 311 දක්වා වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya