අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යංශ තුනක වැය ශීර්ෂයන් සම්මත වේ

    නොවැම්බර් 12, 2014

    ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත විය.


    ඊයේ පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අතර පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ හා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.


    අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂ අංක 139 සහ 290, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශට අයත් වැය ශීර්ෂ අංක 166, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂ අංක 119 සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශට අයත් වැය ශීර්ෂ අංක 152 හා 282ට මූලාසනයෙන් සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැතිය පළවිය.


    අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ හතරට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සම්මත වූ බව සභාවට දැනුම් දෙන ලදී.
     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya