අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩොලර් බිලියන 15කට වැඩි විදේශ විනිමයක් රට විරුවන්ගෙන් අපේක්ෂිතයි

    නොවැම්බර් 12, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) 2020 දී ඇමරිකන් ඩොලර් බිලියන 15කට වැඩි විදේශ විනිමයක් රට විරුවන්ගෙන් ලබා ගන්න වැඩපිළිවෙළක් ඇති බවත් විරැකියාව 4%කින් ද දරිද්‍රතාව 7.5%කින් ද අඩු කරන්න බලාපොරොත්තු වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ අධීක්ෂන මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.


    මන්ත්‍රීතුමිය මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.

    වි‍දේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ 182 වැය ශීර්ෂය අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

    මේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් රට විරු පවුල් නියෝජනය කරනවා. රට විරුවන් නිසා උපයන මුදලින් 11%ක් දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙනවා. ලක්ෂ 17ක් පිටරට සිටිනවා. පසුගිය වසරේ මරණ සංඛ්‍යාව 303ක් බව යෝගේෂ්වරන් මන්ත්‍රීතුමා පැවසුවත් ඉන් බොහොමයක් ස්වභාවික මරණ බවත් කාන්තාවන් තම රෝගාබාධ සඟවා ගෙන වෛද්‍ය වාර්තා ලබා ගෙන පිටරට යන බවත් ඇය පෙන්වා දුන්නාය.

    ගෘහ සේවයට අමතරව පුහුණු, නුපුහුණු ශ්‍රමිකයන් 2013 දී වැඩි බව දත්ත මඟින් හෙළි වෙනවා. රට විරුවන් වෙනුවෙන් සම්මාන දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මෙය වසර දෙකෙන් දෙකට ලබා දෙන අතර මේ අවස්ථාවේදී මේ සම්මාන උළෙල වාර්ෂිකව පවත්වන්න යෝජනා කරන බව ද ඇය සඳහන් කළාය.

    රට යවන නියෝජිත ආයතන සඳහා පාඨමාලාවන් අනිවාර්ය කළ යුතුයි. විදෙස් රැකියා ගැන නීතිරීති, විදෙස් සම්බන්ධතා, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර ආචාරධර්ම හා සත්කාර පිළිබඳ පුහුණුව ලබා දිය යුතුයි. රට විරුවන් වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මකයි. ඔවුන් සඳහා ණය ලබා දෙනු ඇත. නිවාස ණය, මූලික පහසුකම් ණය, රැකියා පිටත්ව යාමට පෙර ණය, ස්වයංරැකියා ණය හා වාහන බලපත්‍ර ලබා දෙනු ඇත. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම රට විරු නිලධාරීන් පත් කර සිටිනවා. පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන මධ්‍යස්ථානයක් ද පිහිටුවා තියෙනවා. ද්විත්ව පුරවැසිභාවය හෝ අවුරුදු කිහිපයක් ශ්‍රී ලංකාවේ සේවය කිරීම වෙනුවෙන් වීසා ලබාදීම, අභාවයකදී රුපියල් 30,000ක දීමනාව, සෞඛ්‍ය රක්ෂණාවරණයක්, දිස්ත්‍රික් මට්ටමින් විගමනික කාර්යාංශ පිහිටුවා සේවාවන් ලබාදීම හා කටුනායක පැය 24 පුරා විවෘතව පවතින සහන පියසෙන් සෞඛ්‍ය පහසුකම් සැපයීම රට විරුවන් වෙනුවෙන් සිදු කරන සුබසාධන වැඩපිළිවෙළවල් බව ද ඇය සඳහන් කළාය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya