අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍හත්වැනි දිනය අද‍ Featured

    නොවැම්බර් 11, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 7 වැනි දිනය වන අද (11) අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය යන අමාත්‍යංශ තුනෙහි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,274,860,000ක් ද මූලධන වියදම් සඳහා රු. 4,500,400,000ක් ද අනුමත කරගැනීමට ද,


    ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 211,110,000ක් ද මූලධන වියදම් සඳහා රු. 6,000,000,000ක් ද අනුමත කරගැනීමට ද


    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 4,200,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 52,952,000,000ක් ද අනුමත කරගැනීමට ද ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


    ‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් ද පස්වරු 1.00 සිට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ 166 වැය ශීර්ෂය ද වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ 152 හා 282 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya