අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපය 1977 දී නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්වීමට ඉඩ දුන්නා

    නොවැම්බර් 11, 2014

    එජාපය 1977 දී බලයට එන විට කිරිපිටි සඳහා පිටරටට මුදල් ගියේ නැති නමුත් ඡන්දයට මුදල් දීපු අයට උදව් කිරීමට නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්වීමට ඉඩ දුන් බවත් මේ රටේ කිරි නිෂ්පාදනය නතර කරන්න මේ දේ කළ බවත් පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනිණි.

    හරක් මස් එපා කියා ප්‍රචාරය ගෙනියන්නේ කුකුල් මස් නිෂ්පාදකයින්. රටේ ආර්ථිකය විනාශ කළ එජාපය අද බඩු මිල ගැන කතා කරනවා. මේ රට ගිනි තබමින් 1983 සිංහල, දෙමළ කෝලාහල ඇති කළේ එජාපයයි. අද බය නැතුව කතා කරන්න නිදහස තියෙනවා. එජාපය රාජ්‍ය සේවය බිංදුවට බැස්සුවා. මේ රජය ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය සේවය ශක්තිමත් කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya