අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සමාගමකට මැණික් ගැරීමට බලපත්‍ර නිකුත් කරන්නේ නෑ

    නොවැම්බර් 11, 2014

    කිසිදු විදේශ ආයෝජන සමාගමකට මේ රටේ මැණික් ගැරීමට හෝ පර්යේෂණ කිරීමට බලපත්‍ර නිකුත් කරන්නේ නැතැයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනිණි.


    විපක්ෂ විවාදය අත්හැරලා ද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මගේ අමාත්‍යාංශ්‍යට අයත් කරුණු 5ක් ගැන පමණයි මෙහිදී මතු කළේ. විපක්ෂයේ විවාදය ආණ්ඩුවට කරන්න වෙලා. ඡන්දයක දී විපක්ෂය ජනතාවට කියන්නේ මොනවාද? උතුරේ සිට විදේශයට ගිය ජනතාව නැවත මුල් ගම් බිම්වලට යන විට එහි තිබුණේ අලුත් තත්ත්වයක් යැයි ඔහු පෙන්වා දුන්නේය.

    අද අලුත් පරම්පරාවක් බිහිවෙලා. මේ අයට අලුතින් ඉඩම් දෙන්න ඕනෑ. විදුලිබල ව්‍යාපෘති නතර කරන්නේ ජනතා හඬට ඇහුම්කන් දීමෙන් පසුවයි. පරිසර සංරක්ෂණ කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැහැ. විදේශ ප්‍රදානයන් රැසක් අපට ලැබෙනවා. වන ගහනය 35%ක් කිරීමට අලුතින් හෙක්ටයාර් හාරලක්ෂ පනස් දහසක වන වගාවක් කිරීමට පියවර ගන්නවා. මුහුදු මට්ටමින් අඩි 5,000ට වඩා උසින් පිහිටි ගස් කපන්නට ඉඩ දෙන්නේ නැහැ. දැව සංස්ථාව ලාභ ලබනවා. සී.එෆ්.එල්. විදුලි බුබුළු හඳුන්වා දීම නිසා මෙගාවොට් 300ක විදුලිය ඉතුරු කර ගැනීමට හැකි වුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya