සැප්තැම්බර් 18, 2019
tami eng youtube  twitter facebook

    ප්‍රවාහන ගැටලු විසඳන "සහසර" වැඩපිළිවෙළ

    ජනවාරි 13, 2017
    ගමන් බිමන් යාම අද අපට බරපතල ප්‍රශ්නයක් වෙලා. වෙලාවට ගමනක් යන්න බෑ තදබදය වැඩියි. බස් රථ කොට කොට යනවා ඊට පස්සේ රේස් යනවා. ඉතුරු සල්ලි ලැබෙන්නේ නෑ. මාර්ග අනතුරුවලින් මැරෙන, තුවාල වෙන මිනිසුන් ගණන වැඩියි. මේ නිසා හැකි හැමෝම කුඩා මෝටර් රථයක්වත් ගන්න බලනවා. මාසයේ මුළු ආදායමෙන් සැලකිය යුතු මුදලක් තමන්ගේ වාහනය නඩත්තු කිරීමට, ත්‍රීවිල්වලට, පාසල් හා කාර්යාල වෑන් රථවලට වැය කිරීමට අපට සිදු වෙලා. අවුරුද්දකට ලක්ෂ 06ක විතර වාහන අලුතෙන් ලංකාවට එනවා. කෙතරම් වියදම් කරලා පාරවල් පළල් කළත් වැඩියෙන් පුද්ගලික වාහන මාර්ගයට පැමිණෙන නිසා පාරවල්වල තදබදයේ අඩුවක් නම් නැහැ.
     
    ඇත්ත වශයෙන් ම රටට හොඳ පොදු ප්‍රවාහන සේවයක් ලබාදෙන්න රටේ තිබෙන බස්රථ ප්‍රමාණවත්. නමුත් අර්බුධයට හේතුව බස්රථ අතර තරගයයි. එම තරගයට හේතුව බස් රථවලට අදායම ලැබෙන්නේ තම බස් රථයට ගොඩවන මඟීන් සංඛ්‍යාව අනුව වන නිසායි. හැම බසයකම සේවකයෝ පාරේ සිටින හැම මඟියාම කෙසේ හෝ තමන්ගේම බස්රථයට ගොඩකරගැනීමට වෑයම් කරන්නේ. 
     
    P2 ROADS FEATURE ON PAGE 2 300x200අපේ රටේ වැඩිම විදේශ විනිමක් වැය වන්නේ ඛණිජ තෙල් ආනයනය සඳහායි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ බැසු තිබූ 2015 වසරේ දී පවා ඛණිජ තෙල් ආනයනය සඳහා රුපියල් බිලියන 350ක් පමණ වැය වී තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ ඛණිජ තෙල් ආනයනය සඳහා වසරකට රුපියල් බිලියන 600ක් පමණ වැය වේ. ඉන් පසු ආනයනයක් අතර තෙවන ස්ථානය ගන්නේ වාහන ආනයනයයි. වසරකට වාහන ලක්ෂ 05ක් පමණ අලුතින් මහ පාරට පැමිණේ. ඊට 2015 වසරේ දී රුපියල් බිලියන 185ක් පමණ වැය වේ. තවද වාහන අමතර කොටස් ආනයනය සඳහා වාර්ෂිකව රටට විදේශ විනිමය රුපියල් බිලියන 35ක් පමණ වැය වේ. එපමණක් නොව මාර්ග සංවර්ධනය සඳහා 2015 වසරේ දී රජයට රුපියල් බිලියන 145ක් පමණ වැය කිරීමට සිදු විය. සාමාන්‍ය වශයෙන් රටේ ආයෝජනයෙන් 20%කට වඩා වැයවන්නේ මහාමාර්ග ආදී ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාය.
     
    අද රටේ තිරසාර යුගයක් බිහිකිරීමට තිබෙන ප්‍රධානතම අභියෝගය බවට පත්ව ඇත්තේ ප්‍රවාහන ක්ෂේත්‍රයයි. රටේ ආර්ථික අර්බුධයට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ ප්‍රවාහන ක්ෂේත්‍රය 100%ක්ම ආනයනය කරන ඛනිජ තෙල් මත රඳා පැවතීමයි. මීට වසර 10කට පමණ පෙර පොදු ප්‍රවාහන සේවය රටේ ජනතාවගෙන් 65%ක් ම භාවිත කළ අතර එය මේ වන විට 40%ක් දක්වා සීඝ්‍ර යෙන් පහළ වැටී ඇත. එම නිසා කොතරම් පාරවල් පළල් කළත් කොතරම් වාහන රට තුළට ආනයනය කළත් රටේ ජනතාවට මහමඟ ගමන්බිමන් යාමට ගතවන කාලය වැඩි වී ඇතුවා මිස අඩුවී නම් නැත. ජනතාවගේ කාලය මහමග නාස්තිවන නිසා ආර්ථිකයට සිදු වන අති විශාලය. එම නිසා රටේ ආර්ථක අර්බුදයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ පොදු ප්‍රවාහන සේවයේ කඩා වැටීමයි.
     
    ඛනිජ තෙල් පොසිල ඉන්ධනයක් වන නිසා පරිසරයට වන හානිය ද අතිමහත්ය. රටේ වාසු දූෂණයේ ප්‍රධානතම හේතු ව බවට පත්ව ඇත්තේ මහමග ඛනිජ තෙල් දහනයයි. ලොව වෙලාගත් දේශගුණික විපර්යාසයේ ප්‍රධානතම වගඋත්තරකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ ද ඛනිජ තෙල්ය. එබැවින් අද රටේ නියඟය හා ගංවතුරින් බැටකන තත්ත්වයට ද ප්‍රවාහන ක්ෂේත්‍රය වගකිව යුතු ව ඇත. 
     
    රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීමේ පළමු පියවර වශයෙන් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කළ යුතුයි. වර්තමාන රජය විසින් "සහසර" ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ මහාමාර්ගවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම උදෙසායි. එම අභියෝග ජයගන්නා ආකාරය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද "මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් වෙනවා.
     
    මහාමාර්ගවල පොදු ප්‍රවාහන සේවා පද්ධති ශක්තිමත් කිරීමට සහ දුම්රිය සේවා වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ. පොදු ප්‍රවාහන සේවය දියුණු රටවල මෙන් ගුණාත්මක ව හා ප්‍රමාණාත්මක ව ඉහළ නැංවීමෙන් අනතුරුව මහාමාර්ගවල පුද්ගලික වාහන භාවිතය අධෛර්ය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් හඳුන්වාදෙනු ලැබේ.
    පිටුව 57
     
    03 2 326x235 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් නියමු ව්‍යාපෘතියක් ලෙසින් "සහසර" වැඩසටහන 2016 ජුලි 18දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතෙන් ආරම්භ වුණා. මෙම නව නියමු ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර  - කඩුගන්නාව සහ මහනුවර - දිගන බස් ධාවන කලාපවල ක්‍රියාත්මක කෙරිණි. ජනාධිපති කාර්යාලය,  ප්‍රවාහන අමාත්‍යංශය හා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම නියමු ව්‍යාපෘතියට සම්බන්ධ වූ මුළු බස් මගීන් සංඛ්‍යාව දිනකට ලක්ෂයක් පමණ විය. ඊට  ධාවන මාර්ග 48ක බස් රථ 30ක් පමණ සම්බන්ධ විය. සම්බන්ධ වූ මුළු බස් හිමියන්ගේ සංඛ්‍යාව 268කි. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ දිනකට ලැබූ මුළු ආදායම සාමාන්‍ය වශයෙන් ලක්ෂ 20ක් පමණ විය.
     
     කඩුගන්නාව - මහනුවර - දිගන කලාපයේ දියත් වූ නියමු ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කිරීමට වත්මන් රජයට හැකි ව ඇත. සියලු බස්වල මේ වන විට කාඩ් භාවිතයෙන් ක්‍රියාත්මක වන ටිකට් යන්ත්‍ර භාවිතා    වේ. සියලු මුදල් ඒ අනුව පොදු ගිණුමකට බැරවේ. දිනය අවසන එම මුදල් සාධාරණ ලෙස බස් හිමියන් හට බෙදා දෙනු ලැබේ. මෙම ධාවන මාර්ග 48න් 40කම "සහසර" වැඩසටහන සම්පූර්ණ වශයෙන්  ක්‍රියාත්මක වන අතර මාර්ග 08ක අර්ධ වශයෙන් ක්‍රියාත්මක වේ. දැනට මගීන් 35,000ක් පමණ පෙරගෙවුම් කාඩ් භාවිත කරයි. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මගීන් හට ගමන් යාමට ගතවන කාලය 30%කින්  පමණ අඩු වී ඇත. රියදුරු සහායක මහත්වරු විනීත වී ඇත. රියදුරු මහත්වරු නීතිගරුක වී ඇත. කොටකොටා යාමක් නැත. බස් රේස් නැත. ඉතුරු සල්ලි පිළිබඳ ප්‍රශ්නයක් නැත. මඟීන් හට රාත්‍රී වනතුරු ගමන්  බිමන් යාමට අවස්ථාව හිමි වී ඇත. එපමණක් නොව මෙම නියමු ව්‍යාපෘතිය නිසා රටට මසකට ලැබුණු ආර්ථික ලාභය රුපියල් මිලියන 50ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
     
     නියමු ව්‍යාපෘතිය මේ වන විට අති සාර්ථක වී ඇති බැවින් මේ වසරේ දී "සහසර" වැඩසටහන මුළු දිවයින පුරා ඇති සියලු බස් මාර්ගවලට අදියර කිහිපයකින් ව්‍යාප්ත කිරීමට රජය විසින් කටයුතු යොදා ඇත. එහි  පළමු පියවර ලෙස නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ කඩුගන්නාව - මහනුවර - දිගන ධාවන මාර්ගවල ක්‍රියාකාරී අදියර ජනවාරි 16දා ඇරඹේ. ඒ අනුව "සහසර" ව්‍යාපෘතිය යටතේ විශේෂ සහන මල්ලක් මඟීන්ටත් බස්  සේවක මහත්වරුන්ටත් බස් හිමියන්ටත් සහසර කාඩ් අළෙවි මහතුන්ටත් ලබාදීමට කටයුතු යොදා ඇත. 16දා සිට සහසර කාඩ් භාවිත කරන බස් මඟීන් හට 20%ක බස් ගාස්තු අඩුවීමක් සිදු වේ. බස් කොන්දොස්තර  මහත්වරුන්ට මගීන්ට මගීන්ට කාඩ් භාවිත කිරීමට දිරිදීම වෙනුවෙන් විශේෂ දීමනා ලබාදීමට ද වඩාත් හොඳින් සහසර ව්‍යාපෘතියට දායක වන රියදුරු සහයක මහත්වරුන්ට සතිපතා විශේෂ ත්‍යාග ලබාදීමට ද බස්  හිමියන්ට බස්රථ තුළ කාඩ් අළෙවි කිරීම වෙනුවෙන් විශේෂ ආදායම් ලබාදීමට ද කාඩ් අළෙවි වෙළෙඳ මහතුන්ට විශේෂ දිරිදීමනා ලබාදීමට ද මෙහිදී කටයුතු යොදා ඇත.
     
     මෙම ක්‍රියාකාරී අදියරේ දී රටේ ප්‍රධාන බස් සපයන ආයතනය ලෙස ශ්‍රී ලංගම විධිමත් වැඩපිළිවෙළක් යටතේ ශක්තිමත් කර "සහසර" ව්‍යාපෘතියට සම්බන්ධ කරගැනීමටත් මධ්‍යම පළාත තුළ ඇති සියලු ම ධාවන මාර්ගවලට "සහසර" වැඩසටහන ව්‍යාප්ත කිරීමටත් සෙසු පළාත්වල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්වල කුසලතා "සහසර" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන අයුරින් වර්ධනය කිරීමටත් ජාතික ප්‍රවාහන කොමිසම යටතේ නියාමනය වන නගරාන්තර බස් රථ සහසර වැඩපිළිවෙළට සම්බන්ධ කරගැනීමටත් කටයුතු කෙරේ. මෙම "සහසර" ව්‍යාපෘතිය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මගින් ජාතික ආර්ථිකයට මසිකව රුපියල් බිලියන 05ක පමණ එනම් වසරකට රුපියල් බිලියන 60ක පමණ ආර්ථික ලාභයක් ලබාගැනීමට හැකි වේ යැයි ඇස්තමේන්තු කර ඇත. එපමණක් නොව මගීන් පෞද්ගලික වාහන භාවිතය අඩුකර පොදු බස් රථ භාවිතයට පැමිණීම නිසා ඛනිජ තෙල්, වාහන හා වාහන අමතර කොටස් ආනයනය ද සීඝ්‍ර යෙන් අඩුකර විදේශ විනිමය මත ඇති පීඩනය අඩු කිරීමට ද හැකි වේ.
     
    ප්‍රවාහන ප්‍රශ්නය විසඳගන්න අපි සැවොම සහසර කාඩ් අරගනිමු.
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya