සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරඟාවලි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා පිල අද පිටියට

    සැප්තැම්බර් 26, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද(26) පැවැත්වෙනවා.

    තරඟය උදෑසන 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර පලමු තරඟයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් සහ ලහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක නිශාන් පීරිස් සහ මිලාන් රත්නායක කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    දෙරට අතර පැවති පලමු ටෙස්ට් තරඟය ලකුණු 63කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරඟ 2කින් සමන්විත තරඟාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

    ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිස්සංක, 3. දිනේෂ් චන්දිමාල්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. කමිදු මෙන්ඩිස්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කුසල් මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. ප්‍රභාත් ජයසූරිය, 10. නිශාන් පීරිස්, 11. අසිත ප්‍රනාන්දු

    නවසීලන්ත කණ්ඩායම – 1. ඩෙවෝන් කෝන්වේ, 2. ටොම් ලේතම්, 3. කේන් විලියම්සන්, 4. රචින් රවීන්ද්‍රන්, 5. ඩැරල් මිචෙල්, 6. ටොම් බ්ලන්ඩල්, 7. ග්ලෙන් පිලිප්ස්, 9. මිචෙල් සැන්ට්නර්/මයිකල් බ්‍රේස්වෙල්, 9. ටිම් සවුති (නායක), 10. අජාස් පටෙල්, 11. විල් ඔ‘රූකි.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya