අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇෆ්ගනිස්ථානය පරදවමින් ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට

    සැප්තැම්බර් 06, 2023
    2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය තියුණු තරඟයකින් පසු ලකුණු 2 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ ඊයේ(05) සමත් විය.

    ඒ් අනුව සහභාගී වූ තරඟ දෙකම ජයගනිමින් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා පිළ මෙවර ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා ගැනීමට සමත් විය.  පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 92 ක්, පැතුම් නිස්සංක ලකුණු 41ක්, චරිත් අසලංක ලකුණු 36 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ලබා ගත්හ.

    පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Gulbadin Naib කඩුලු 4 ක් හා Rashid Khan කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.1 පන්දුවක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 289ක් පමණි. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 4ක් ද මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ හා ධනංජයද සිල්වා කඩුලු 2ක බැගින් ලබා ගැනීමට සමත් විය.

    පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නායක Hashmatullah Shahidi ලකුණු 59ක් සහ Mohammad Nabi 65ක් ද ලබා ගත්තේ තියුණු තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමිනි. කලකට පසු ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් ඊයේ තරඟයේ වීරයා බවට පත්විය.

    ඒ අනුව තියුණු තරඟයකින් පසු ලකුණු 2කින් බංග්ලාදේශ පිළ සමඟ B කාණ්ඩයෙන් සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. සුපිරි හතරදෙනගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පලමු තරඟ ලබන 9 වනදා බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිතයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya