මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට

    අගෝස්තු 04, 2023

    2023 ජුලි මස 25 වන දින සිට 28 වන දින දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියෙහි පිරිමි ශුරතාවය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

    ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයෙදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම ලකුණු 12/5 ක් වශයෙන් තියුණු ජයක් ලබමින් මෙලෙස තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, අවසන් තරඟයේදී නායක නැවි වයිටී පුෂ්පකුමාර ලකුණු 02 ක්ද, නායක නැවි පීඑච් පුෂ්පසිරි ලකුණු 03 ක්ද, නායක නැවි අයිඑච්ඩී ලාල් ලකුණු 03 ක්ද, නාවික පාබල එච්ඒඒ ශාන්ත ලකුණු 01 ක්ද, බලනැවි අයිබීටීඑම් වික්‍රමසිංහ ලකුණු 02 ක් සහ නාවික පාබල එම්එම් විමලරත්න ලකුණු 01 ක් ලබාගනිමින් නාවික හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායක විය.

    තවද, අවසන් මහා තරඟයේ දක්‍ෂතම පිතිකරුවා වශයෙන් බලනැවි අයිබීටීඑම් වික්‍රමසිංහ ද, දක්‍ෂතම පන්දු යවන්නා වශයෙන් බලනැවි ආර්එම්එම්පී රණතුංග සහ වටිනාම ක්‍රීඩකයා වශයෙන් නායක නැවි වයිටී පුෂ්පකුමාර විසින් එහිදී සම්මාන දිනාගැනීමට සමත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya