අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු තරගයෙන් පකිස්තානය ජය ගනී

    අගෝස්තු 24, 2014
    සංචාරක පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (23) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් වූහ. 


    හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පන්දු වාර 45කට තරගය සීමා කෙරිණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 275ක් ලබා ගන්නා ලදී. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 89ක් ද මහේල ජයවර්ධන ලකුණු 63ක් ද අශාන් ප්‍රියන්ජන් පන්දු 15කදී ලකුණු 39ක් ද කණ්ඩායමට එක් කළහ. 

    ලකුණු 276ක ඉලක්කය හඹා ගිය පකිස්තාන කණ්ඩායම පන්දුවාර 44.5 දී කඩුළු 6ක් දැවී ලකුණු 277ක් ලබාගනිමින් කඩුළු 4ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වූහ. පකිස්තානය වෙනුවෙන් සොහායිබ් මක්සූඩ් නොදැවී ලකුණු 89ක් ද ෆවාඩ් අලාම් ලකුණු 62ක් ද රැස් කළහ. 

    තරගයේ වීරයා ලෙස සොහායිබ් මක්සූඩ් නම් කෙරුණු අතර තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0 ලෙස පකිස්තානය ඉදිරියෙන් සිටී. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya