මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන 300 ට අධික වූ රාජ්‍ය නිලධාරීන් පිරිස අතර සුහදතාවය හා අන්තර් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කර ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව 13 ක් නියෝජනය වන ආකාරයට ක්‍රිකට් කණ්ඩායම් 13 ක් මේ සදහා සහභාගි වන අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙකු හා පිරිමි නිලධාරීන් හතරදෙනෙකු වශයෙන් කණ්ඩායම තෝරා ගැනේ.
මෙම ක්‍රිකට් තරඟාවලියෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සදහා වටිනා ත්‍යාග හා සහතිකපත් ප්රදානය කෙරේ.මාතර දිස්ත්‍රික් ලේකම්වරියගේ සංකල්පයකට අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය මෙම තරඟාවලිය සංවිධානය කර ඇත.
AP/DMU-Matara