වසර හතකට පෙර නේපාලයේ රාජාණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ දෙවැන්නා ඇයයි. නේපාලයේ ජනාධිපති ධුරය ගරු පදවියක් පමණි.
54 හැවිරිදි ඇය දැනට නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ (එක්සත් මාක්ස්වාදී ලෙනින්වාදී) උප-සභාපතිනිය ලෙස ද කටයුතු කරයි. බන්දාරි මහත්මිය 2009 වසරේ සිට 2011 දක්වා එරට ආරක්ෂක ඇමති පදවිය ද හෙබවීය.
නව ජනාධිපතිනිය ලෙස, ඇය නේපාලයේ සුළුතර ජාතීන් සහ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පොරොන්දු වී ඇත.
මේ මාසය මුලදී, නේපාල පාර්ලිමේන්තුව විසින් එහි නව අගමැතිවරයා ලෙස, කේ.පී. ෂර්මා ඔලි මහතා තෝරා පත් කර ගන්නා ලදී.
SDF