නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොගවන්තලාව වතු ජනතාවට ගෘහ උපකරණ බෙදා දෙයි

    දෙසැම්බර් 01, 2014

    බොගවන්තලාව ප්‍රදේශයේ කොට්ඨාස 26 සහ නොර්වුඩ් ප්‍රදේශයේ කොට්ඨාස 21 හි ජීවත් වන වතු ජනතාවට පුටු, මුළුතැන්ගෙයි උපකරණ හා ශබ්ද වාහිනි යන්ත්‍ර ආදි බෙදා දීම ඊයේ (30) නොර්වුඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

     

    වතු ජනතාවගේ ඉල්ලීම පරිදි මුළුතැන් ගෙයි උපකරණ, පුටු සහ වතු තුළ පිහිටා ඇති කෝවිල් සඳහා ශබ්දවාහිනි යන්ත්‍ර ඇතුළු රුපියල් ලක්ෂ 04කට අධික වටිනාකමකින් යුත් උපකරණ රැසක් වතු ජනතාවට එහිදී බෙදා දෙන ලදී.

     

    අමාත්‍යංශ විමධ්‍යගත අරමුදලින් එම උපකරණ සැපයූ අතර පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කළේය .

     

    කිසිදු අවස්ථාවක කිසිදු බලපෑමකට යටත්ව කම්කරු කොංග්‍රසය රජය හැර යන්නේ නැතැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

     

    එම අවස්ථාවේ දී අමාත්‍ය තොන්ඩමාන් මහතා සිය අදහස් ප්‍රකාශ කරමින්,

     

    “කොන්දේසි විරහිතව අප මෙවර ජනාධිපතිවරණයේ දී ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එක් වනවා. අප ලංකා කම්කරු කොංග්‍රසය මෙම තීරණය ගත්තේ ඔබලාගේ අභිවෘද්ධිය සහ සුභ අනාගතය උදෙසා යි. මෙම රජය පත්වීමත් සමග වතුකරය සැම අංශයකින් ම ඉතා දියුණුවට පත් වූවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් වාගේම රැකියා තත්ත්වයන්ගෙන් වතු ජනතාව රටේ අනිකුත් පළාත්වල වෙසෙන ජනතාව මෙන් ම ශීඝ්‍රයෙන් දියුණුවට පත්වෙමින් සිටිනවා. යුද්ධය අවසන් වූවායින් පසුව රටේ දැවැන්ත සංවර්ධනයක් අද වන විට සිදුවෙමින් පවතිනවා. මේ සියලුම දේ සිදු කරේ මෙම රජයෙන් පමණයි.

     

    වතුකරයේ රැකියා වියුක්ත නියුක්තිකයන් හට රජයේ රැකියා, නව රැකියා, ස්වයං රැකියා පුහුණුව, වෘත්තිමය පුහුණුව ලබා දුන්නේත් ඒ සඳහා විශාල කාර්යභාරයක් කරන ලද්දේ මෙම රජයෙන් පමණයි. පසුගිය දිනවල තැපැල් කාර්යාල සඳහා ගත් සේවකයින් 5000කට අධික පිරිසකටත්, ගුරු සහයකයින් ලෙස ගත් පිරිසටත්, සමෘද්ධි නිලධාරීන් ලෙස ගත් පිරිසටත් ඇතුළත් ව රජයේ සේවයට බඳවා ගෙන ස්ථීර රැකියා ලබා දී රාජ්‍ය සේවයේ රැකියා ලබා දුන්නේ මෙම ආණ්ඩුවයි.

     

    එමෙන් ම වතුකරයේ ඇති බොහෝ අබලන් පාරවල් සඳහා කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කරන ලද්දේ මෙම ආණ්ඩුවයි. සංවර්ධන ක්‍රියාවලීන් රැසක් වතු ජනයා වෙනුවෙන් සිදු කරන ලද මෙම ආණ්ඩුව තවදුරටත් මෙම රජය සමග එක්වී කටයුතු කිරීමට අප අදහස් කරේ මේ නිසා යි.“ යැයි කියා සිටියේය.

     

    ලංකා කම්කරු කොංග්‍රස් සභාපති හා අර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා, අඹගමුව ප්‍රදේශීය සභාපති වෙල්ලයන් දිනේෂ් මහතා, ලංකා කම්කරු කොංග්‍රස් පරිපාලන නිලධාරී වී. ජීවානන්දරාජා මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රස් උසස් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya