නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් වෙනුවෙන් නව ග්‍රන්ථ දෙකක් එළි දක්වයි

    නොවැම්බර් 24, 2014

    ළමා සංවර්ධන හා  කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය එක්ව සම්පාදනය කර ඇති ‘දරුවන් හදා වඩා ගැනීමේ යහපත් ක්‍රමවේද‘ සහ ‘ආබාධ සහිත ළමුන් සඳහා අන්තර්කරන පෙර පාසල් අධ්‍යාපනය‘ යන ග්‍රන්ථ එළි දැක්වීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා 21 බත්තරමුල්ල සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     

    මෙම මාර්ගෝපදේශ ග්‍රන්ථයන්හි කර්තෘවරු ලෙස සෞඛ්‍ය, ළමා සංවර්ධන, අධ්‍යාපන, මනෝවිද්‍යාව යන අංශවල විද්වතුන්ගේ දැනුම මෙන් ම මීට අමතර ව ‘ආබාධ සහිත ළමුන් සඳහා අන්තර්කරන පෙර පාසල් අධ්‍යාපනය‘ යන ග්‍රන්ථය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහය ද ලබා ගෙන ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සම්පාදනය කර තිබේ.

     

    මෙම මාර්ගෝපදේශ සංග්‍රහය ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන්ට ද උපයෝගී කර ගත හැකි පුහුණු අත්පොතකි. පුද්ගලයෙකුගේ ජිවිතයෙහි ඉතාම වැදගත් කාලපරිච්ජේදය ලෙස සලකනු ලබන්නේ හැදීම, වැඩීම සිදුවන මුල් වසර කිහිපයයි.

     

    පළමු වසරේ දී ඔහුව හෝ ඇයව හෝ  හඳුන්වනු ලබන්නේ ළදරුවෙකු ලෙස ද දෙවන වසරේ දී ඔහුව හෝ ඇයව හෝ සිඟිත්තෙකු ලෙස ද තුන්වන වසරේ සිට පස්වන වසර දක්වා ඔහු හෝ ඇය හෝ පෙර පාසැල් ළමයෙකු ලෙස නම් කරනු ලබයි. මේ මුල් වසර කිහිපය එක් කළ විට එම යුගය තම දෙමව්පියන්ගේ සත්කාර සහ සහය යටතේ ළමයාගේ ලෝකය විකසිත වෙයි.

     

    එහෙයින් ළමයාගේ ඉහළම යහපත සදහා මාපිය හා ගුරුවරුන්ගේ වැදගත් අංශ ආවරණය කිරීමේ හොඳම අවස්ථාවක් සපයන මෙම ග්‍රන්ථ ළමයින් හදා වඩා ගැනීමට දැන සිටිය යුතු අවශ්‍ය කරුණු සහ ඔවුන්ට කළ හැකි දේ පිළිබදව දැනුම හා කුසලතා ඉහළ නංවා ගැනීම කෙරෙහි මෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර ඇත.

     

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා මෙහිදී අදහස් දක්වමින්,

     

    “අඩු අදායම්ලාභී රටක් වන අපි අද මැද ආදායම්ලාභී රටක් වෙලා. පවතින වෙළඳපොළ ක්‍රමය තුළ මිනිසුන් ඉහළ අදායම් මාර්ග සොයා යනවා මිස සමාජීය සහ අධ්‍යාත්මික වශයෙන් පරිහානියට ලක් වෙලා. ඉහළ ගුණාංගවලින් පිරිපුන් මිනිසුන් රටකට අත්‍යාවශයි. රජය විසින් මෙවර අයවැයෙන් ද පුර්ව ළමා විය හා කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තියෙන්නේ මෙහි ඇති වැදගත්කම නිසාමයි.

     

    ගුරුවරයෙකු වෙන්න කෙනෙකුට පුහුණුවක් තිබිය යුතුයි. නමුත් දෙමාපියභාවය ස්භාවධර්මයෙන් ලැබෙන්නක්. දරුවෙකු හදා වඩා ගැනීමේ දැනුම මගේ දෙමාපියන්ටත් මටත් සාම්ප්‍රදායිකව ලැබුණු දෙයක්. නමුත් අද කාලයේ වෙනස් වීමත් සමග සාර්ථක දරුවෙකු ලෝකයට දීමට දෙමාපියන්ට නොහැකි වෙලා. ශක්තිමත් ළමා පරපුරක් බිහි කරන්න මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මහත් රුකුලක්.                                 

                

    එවගේම මෙය දරුවන්ගේ විවිධත්වය තේරුම් ගැනීමට කරවූ ‍ඓතිහාසික කර්තව්‍යයක්. දරුවෙකුගේ සම්මත රුපයෙන් ඔබ්බට ගොස් ආබාධ සහිත දරුවන්ට ද ළමා අයිතිවාසිකම් හිමි කරදීමක් ලෙස මෙම ග්‍රන්ථයන් හඳුන්වන්න පුළුවන්.’

     

    රට පුරා ව්‍යාප්ත කිරීමේ මුලික ආරම්භයක් ලෙස ළමා ලේකම් කාර්යාලයට අනුයුක්තව පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය වශයෙන් සිටින මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, පෙර පාසල් පාලිකාවන්, මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙත මෙම ග්‍රන්ථයන් මෙදින සංකේතාත්මකව ප්‍රදානය කෙරිණි.

     

    මේ අවස්ථාවට මුල් ළමාවිය හා ප්‍රථමික අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති උපදේශක පූජ්‍ය බදගිරියේ සෝමවංශ හිමියන්, ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක සුප්‍රියන්තෝ, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන පිළිබද ජාතික කමිටු සාමාජිකයන්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීහු ඇතුළු කාර්යමණ්ඩලය මීට සහභාගී වුහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya