බදුල්ල දිස්ත්‍රික් තරුණ සේවා සමුපකාර සමිතියේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම වැඩමුළුව ඌව පළාත් සමුපකාර සංවර්ධන උප කොමසාරිස් ආර්.එම්. සෝමපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මේ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ පිහිටුවා ඇති නිස්කෝ සමුපකාර ප්‍රාදේශීය කාරක සභා 15හි කාරක සභිකයන් 150ක පමණ පිරිසක් සහභාගි වූහ.
ජාතික තරුණ සේවා සභාවේ ඌව පළාත් අධ්යක්ෂ රෙජිනෝල්ඩ් රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ රංජිත් විදානගමගේ, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි සරත් නන්දතිලක, බදුල්ල දිස්ත්‍රික් නිස්කෝ සාමාන්‍යාධිකාරී එල්.පී. ආනන්ද මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
DB/SH - dmu badulla