මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර නගර සභා නිවාසවල පදිංචි පවුල් 136කට ඔප්පු ප‍්‍රදානය කෙරේ

    නොවැම්බර් 18, 2014

    60 දශකයේ අනුරාධපුර සංරක්‍ෂණ මණ්ඩල සමයේ පටන් නගර සභා නිවාසවල පදිංචිව සිටි පවුල් සඳහා නීත්‍යනුකූල බලපත‍්‍ර ලබා දීම ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී ඊයේ (17) සිදු කෙරුණි.


     

    මෙම පවුල් සඳහා ඔප්පු ලබා දෙන ලෙස උතුරු මැද පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් කරන ලද ඉල්ලීම්වලින් පලක් නො වූ අතර මේ පිළිබඳව උතුරු මැද පළාත් වත්මන් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා දැනුවත් කිරීමෙන් පසු අනුරාධපුර පුරපති එච්.පී. සෝමදාස මහතාගේ ද අනුමැතියෙන් ප‍්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම පවුල් සඳහා බලපත්‍ර ලබාදීම සිදුකර තිබේ.


    මෙහිදී අදහස් දක්වමින්; "මහින්ද රාජපක්‍ෂ රජය යටතේ අනුරාධපුර නගරය සීග‍්‍ර සංවර්ධනයකට යොමු වුණා. ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩාංගණයක් ද විවෘත වුණා. දිවයිනේ ප‍්‍රධාන නගරවල සේ ම අනුරාධපුර නගරයේ ද ඉඩම් මිල ඉහළ ගිහින් ඇති යුගයක නගරාධිපතිතුමාගේ ද සහය මත ජනාධිපතිතුමා දැනුවත් කොට මෙම නිවාසලාභීන් සඳහා නීත්‍යනුකූල ඔප්පු ප‍්‍රදානය කිරීමට ලැබීම සතුටක් යැ"යි ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.
     

    මෙම අවස්ථාවට පළාත් අමාත්‍ය එච්.බී. සේමසිංහ, නගරාධිපති එච්.පී. සෝමදාස මහත්වරු ද නාගරික මන්ත‍්‍රීවරු ද සහභාගි වී සිටියහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya