මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා වී විකුණාගන්න බැරිව අවුරුදු දෙකක් ගෙදර තියා ගත්තා

    නොවැම්බර් 17, 2014

    කුඹුරු වගා කළ ද අස්වැන්න විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් එදා තිබුණු අතර රුපියල් 8.00කට හෝ 9.00කට වී බුසල විකුණූ බවත් වී විකුණා ගැනීමට නොහැකි ව වසර ගණන් අස්වැන්න ගෙදර තබා ගැනීමට සිදු වූ බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    අවුරුදු දෙක තුනක් අස්වැන්න විකුණාගත නොහැකිව නිවසේ තබාගැනීමට සිදුවු අවස්ථා තිබුණා. නමුත් අද එහෙම නොවේ. වී අස්වැන්න කුඹුරේ දීම ඉහළ ම මිලට විකුණා ගැනීමට අද හැකි වී ඇති බව ද ඔහු පැවසීය.

    රජයේ සහතික මුදල් වැඩිකිරීම් ප‍්‍රතිපත්තිය නිසා මෑත භාගයේ ගොවීන් අතට පත්වන මුදල් ප‍්‍රමාණය ගොවීන්ට කවදාවත් ලැබී නොමැති බව ද පැවසූ ඔහු ලබන අවුරුද්දට සහතික මිල රුපියල් හතළිහක් වන බවත් ගොවියන්ට වී සඳහා හොඳ මිලක් ලබා ගැනීමට ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ නිසා හැකි වී ඇති බවත් පැවසීය.

    අමාත්‍යතුමා මේ අදහස් පළ කළේ පසුගියදා කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ ගොවීන් සඳහා මාස් කන්නයට බිත්තර වී මිලදී ගැනීම සඳහා ආධාර මුදල් ලබාදීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

    පසුගිය යල් කන්නයේ වගා හානි වෙනුවෙන් මෙවර මාස් කන්නයේ වගා කිරීම සඳහා බිත්තර වී ලබා ගැනීමට රජය විසින් ආධාර ලබා දෙනු ඇත. මෙම වැඩසටහන මඟින් බුසලකට රුපියල් 1400.00 බැගින් වගා  කරන ඉඩම් ප‍්‍රමාණය අනුව ආධාර ලබාදීම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් සිදුකෙරේ. ඒ අනුව රුපියල් 23,188,779.00ක මුදලක් ගොවීන් 7688 දෙනෙකු වෙත බෙදා දෙන ලදී.

    වගා හානි වෙනුවෙන් බිත්තර වී මිල දී ගැනීම සඳහා බුසලකට රුපියල් 1400.00 බැගින්  ගොවීන්ට ලබාදීම රජයේ තීන්දුවයි. සෑම දිස්ත‍්‍රික්කයක ම මෙම වැඩසටහන ක‍්‍රියත්මක කරනයි. රජයක් ලෙස වගා හානි වූ විට නැවත වගාකිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටත් වගා රක්ෂණය කිරීමටත් ක‍්‍රමවේදයක් සකස් කිරීමට ජනාධිපතිතුමා තීන්දු කර තිබෙන බවත් අමාත්‍යතුමා මේ අවස්ථාවේ දී පැවසීය. 

    වත්මන් රජය තරම් ගොවි ජනතාවට සහන ලබා දුන් රජයක් වෙන කිසිම කාලයක නොතිබුණි. දැයට කිරුළ, ජාතික සවිය වැඩසටහන් යටතේ විශාල මුදල් ප‍්‍රමාණයක් කෘෂිකර්මය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ලබා දී ඇත. ඇළවේලි ප‍්‍රතිසංස්කරණය, ඇනිකට්, ජලාශ ප‍්‍රතිසංස්කරණය සහ වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා මෙතරම් වැඩ කරපු ආණ්ඩුවක් නොමැතිතරම්ය.  තමා ද ගොවියෙක් බවත් ඒ වෙනුවෙන් වගා හානිය වෙනුවෙන් එළඹෙන මාස් කන්නය සඳහා බිත්තර වී වෙනුවෙන් රජයෙන් සහනාධාර මුදල් ලැබුණ ද තමා අමාත්‍යවරයකු වශයෙන් එම මුදල් ලබාගැනීම සිදු නොකළ යුතු නිසා එම මුදල් ලබා නොගන්නා බවත් පැවසීය. ගොවින් සඳහා බිත්තර වී බෙදාදීම පිළිබඳ ව සතුටු වෙනවා. රජය බිත්තර වී ලබාදීම සිදුකරන්නේ ගොවි ජනතාවට තිබෙන ආදරය නිසා බවත් ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට කරන පොරොන්දු නිසා බවත් දුන් ඔහු මෙවර බීජ ලබාගැනීම සඳහා මුදල් ලබා දෙනු ඇතැයි කිසිදු කෙනෙකු අපේක්ෂා නොකළ බව ද තවදුරටත් පැවසීය.

    වත්මන් රජය රට භාර ගන්නා විට වී අලෙවි මණ්ඩලය නොතිබුණි. වී අලෙවි මණ්ඩලය වී මිලදී නොගත් අතර පෞද්ගලික වෙළෙඳුන් මිල තීරණය කර ඔවුන්ට අවශ්‍ය ආකාරයට වී මිල දී ගැනිණි. පොහොර සහනාධාර වැඩසටහන යටතේ රුපියල් 350.00ට සියලු පොහොර ලැබෙන අතර පොහොර සහනාධාරය සඳහා වර්ෂයකට රුපියල් මිලිනය 45,000ක් පමණ වැය වෙනු ඇත. ජනාධිපතිතුමා ගමේ ප‍්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරයි. තම නිවසේ දී කුකුළු ව්‍යාපාරිකයින් හමුවුණු ජනාධිපතිතුමා අයවැය තුළින් ඔවුන් බලාපොරොත්තු වූ සහනය ලබා දී ඇත. කුකුළු ව්‍යාපාරිකයින් විසින් සත්ත්ව ආහාර මිල අඩු කර දෙන ලෙසත් බිත්තර අලෙවි කිරීමට ක‍්‍රමවේදයක් සකස් කර දෙන ලෙසත් පැවසූ බව කී අමාත්‍යවරයා අයවැය මඟින් ඒ සහනය ලබාදුන් බවත් පැවසීය.

    වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන නීතීඥ චන්දන යාපා, කමල් හේරත් සහ පන්නල ප‍්‍රාදේශීය ලේකම්  එන්.ඒ.ඒ.එස්. ප‍්‍රියංකර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya