මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ක්ෂේත්‍රයේ පෙරළිය නිසා විදෙස් වත්කම් රැසක් ශ්‍රී ලංකාවට

    නොවැම්බර් 17, 2014

    විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ එදා මෙදා සිදු වූ වෙනස්කම් රැසක් නිසා විදෙස් වත්කම් රැසක් ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.    



    අමත්‍යවරයා ඊයේ (16) පොලොන්නරුව නවනගරය ප්‍රදේශයේ ඉදිකරන ලද විදේශ සේවා නියුක්ති කාර්යංශයට අයත් පොලොන්නරුව දිස්ත්‍රික් නව පුහුණු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, මේ රටේ එදා මෙදා කාලය තුළ විදෙස් රැකියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තියෙන්නේ දීර්ඝ කාලීන අත්දැකීම් රාශියකි. ඒ අත්දැකීම් රාශිය තුළ මම දන්නවා බලයට පත් වෙච්ච සෑම ආණ්ඩුවක් ම වසරින් වසර මේ සේවාව ශක්තිමත් කරන්න කටයුතු කරලා තියනවා කියන එක. ගෙවී ගිය වසර තුළ පුළුල් වෙනස්කම් රැසක් විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ සිදු වෙලා තියෙන බව ඔහු කීය.

    ඒ තුළ මෙවැනි පුහුණු මධස්ථාන අද අවශ්‍ය වෙනවා. රැකියාවක් සඳහා පමණක් නො ව ජීවත්වීම සඳහා පුහුණුව අවශ්‍ය වෙන බව අප කවුරුත් දන්නවා. මේ සේවාව ලබාදීමේදී විදෙස් ගතවන පුද්ගලයන්ට ගැටලු මතුවෙන්නේ නැහැ. මේ මඟින් තමන්ගේ අදායම වර්ධනය කර ගන්නවා වගේ ම මේ  රටේ විදෙස් සම්පත්වලින් සංවර්ධනය වෙන බවත් ඔහු සඳහන් කළේය.

    මෙම අවස්ථාවට විදේශ රැකියා හා ප්‍රවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya