මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘දැය දියුණුවට ඔබ සවියකි‘ - වයඹ පළාත් පාලන ආදායම් ප්‍රවර්ධන සතිය

    නොවැම්බර් 17, 2014

    වයඹ පළාත් පාලන ආදායම් ප්‍රවර්ධන සතිය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ උපදේශකත්වයෙන් පළාතේ සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පසු ගිය දිනවල පවත්වන ලදි.

    වයඹ පළාත් සභාව සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව ‘දැය දියුණුවට ඔබ සවියකි‘ යන තේමාව යටතේ  මහජන සුභසාධන කාර්යයන් උදෙසා පළාත් පාලන ආයතනවල ආදායම් අයකර ගැනීම සඳහා වාර්ෂික ජංගම වැඩසටහනේ හතරවන වැඩසටහන ලෙස මෙම සතිය සංවිධානය කර තිබුණි.

     

    හිඟ වරිපනම්, අක්කර බදු හා වෙනත් බදු මුදල් සහ ප්‍රවර්තන වර්ෂයට අදාළ සියලුම බදු මුදල් මෙන් ම පළාත් පාලන ආයතනයෙන් ලැබෙන සේවාවන් සහ එම සේවාවන් පිළිබඳ ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාවන්ද මෙහිදී ලබා දෙන ලදි.

     

    පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමය සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම ව්‍යාපෘතිය මගින් ආදායම් ප්‍රවර්ධන සතිය සඳහා ප්‍රචාරක මෙවලම් සඳහා වූ දායකත්වය ලබා දුන්නේය.

     

    මෙම ආදායම් ප්‍රවර්ධන සතිය තුළ පළාත් පාලන ආයතනවලට අය විය යුතු හිඟ ආදායම් රු. 3,824,468/- මුදලක්ද ප්‍රවර්ථන ආදායම් රු. 6,221,978/- ක මුදලක්ද අය කර ගැනීමට පළාත් පාලන ආයතනයට හැකි විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya