මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ දුෂ්කර පාසල් සේවයට ගුරුවරුන් 1033ක්

    නොවැම්බර් 15, 2014

    මධ්‍යම පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාපයන්හි සේවය සඳහා උපාධිධාරී ගුරුවරුන් 1033 දෙනෙකු බඳවා ගැනීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ගුරු සේවයට බඳවා ගත් මේ ගුරුවරුන් ලබන 17 සිට කි‍්‍රයාත්මක වන පරිදි ගුරු සේවය සඳහා යෙදවීමට නියමිතය.


    උඩුදුම්බර, මිනිපේ, විල්ගමුව, ලග්ගල, පල්ලේගම, නුවරඑළිය හා අඹගමුව යන ප‍්‍රදේශවල පාසල් සඳහා මෙම ගුරුවරුන් යොදවනු ඇත. එම ගුරුවරුන්ගෙන් 745 දෙනෙකු සිංහල මාධ්‍ය හා 288 දෙනෙකු දෙමළ මාධ්‍ය ගුරුවරුන් වේ. ගුරුවරු 237 දෙනකු ප‍්‍රාථමික අංශයටද, 181ක් විද්‍යාව, 46ක් ගණිතය, 46ක් තොරතුරු තාක්ෂණය, 194ක් සෞන්දර්ය යන විෂයන් සඳහා යෙදවේ.

    මෙයට අමතරව තවත් 41 දෙනෙකු ඉංගී‍්‍රසි ගුරුවරුන් ලෙස බඳවා ගෙන ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya