මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මහනුවරදී සර්ව ආගමික වැඩසටහන් මාලාවක්

    නොවැම්බර් 17, 2014

    අද (17) මහනුවර දිස්ත්‍රික්කය පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධාන උත්සව‍ය මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.


    අතිගරු ජනාධිපතිතුමාගේ ජන්ම දිනය නිමිති‍ කොට ගෙන ශ්‍රී ලංකා මාතාවටත් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයටත්, ත්‍රිවිධ හමුදාව සහ සමස්ත රට වැසියන්ටත් සෙත් පතා මෙම වැඩසටහන සංවිධානය කොට ඇති අතර අද මහනුවර දළදා මාලිගාවේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට නියමිතය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙම වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම මුල් කරගෙන සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යලය මඟින් දළදා මාලිගාවේ පැවැත්වෙන ප්‍රධාන උත්සවය සංවිධානය කරන අතර ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මූලිකත්වයෙන් සෙසු උත්සව සංවිධානය කෙරෙනු ඇත.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya