මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් බදුල්ලේ දී

    නොවැම්බර් 12, 2014
    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් ජාතික තරුණ සේවා සභාවේ බදුල්ල දිස්ත‍්‍රික් කාර්යාලය සංවිධානය කළ දින 14 දෙමළ භාෂා පුහුණුව අවසන් කළ සිසුවියන් කණ්ඩායමක් විසිර යාමේ උත්සවය බදුල්ල තාක්‍ෂණ විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පසුගියදා සිදු කෙරිණි.
     
    බදුල්ල තාක්‍ෂණ විද්‍යාලයේ දී පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටි බදුල්ල ප‍්‍රදේශයේ සිසුවියන් 54 දෙනෙකු සහභාගි වූ අතර රත්නපුර ධර්මපාල විද්‍යාලයේ ආචාරිනී ආරුමුගම් යෝගේෂ්වරී මහත්මියගේ උපදේශකත්වයෙන් පුහුණු වැඩසටහන පැවැත්විණි. 
     
    මෙම විසිරයාමේ උත්සවය සඳහා බදුල්ල තාක්‍ෂණ විද්‍යාලයේ අධ්‍යක්‍ෂ ගාමිණී චන්ද්‍රසේකර, ජාතික තරුණ සේවා සභාවේ ඌව පළාත් අධ්‍යක්‍ෂ රෙජිනෝල්ඩ් රණසිංහ, එම සභාවේ බදුල්ල දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ රංජිත් විදානගමගේ, බදුල්ල දිස්ත‍්‍රික් තරුණ සේවා නිලධාරී සරත් නන්දතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද සිසුවියන්ගේ දෙමාපියවරු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya