මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ පාසල්වලට ගුරුවරු 3000ක්

    නොවැම්බර් 12, 2014
    වයඹ පළාතේ පාසල්වලට සියලු ම විෂයන් ආවරණය වන පරිදි ගුරුවරුන් 3000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (11) ආරම්භ වූ හය වන  වයඹ පළාත් සභාවේ දෙවෙනි අය වැය ප්‍රකාශ කිරීමේ විවාදයට සහභාගී වෙමිනි.
     
    එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ,  එම අය වැය යටතේ ඉදිරියේ දී සෑම විෂයකින් ම බඳවාගන්නා ගුරුවරුන් වෙනුවෙන් ප්‍රතිපාදන  ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මධ්‍යම රජයෙන් අනුමත වී ඇති බවය. 
     
    පාසල්වලට බඳවාගන්නා ගුරුවරුන් වෙනුවෙන් ඉදිරියේ දී ඒ ඒ විෂයන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya