මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මහාභිමානී 2014" අවසාන මහා තරග අද

    නොවැම්බර් 11, 2014
    "මහාභිමානී 2014" ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා ජයග්‍රාහකයන් තෝරාගැනීමේ අවසන් මහා තරග ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 3.00ට බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේ දී (CETRAC) පැවැත්වේ.
     
    "මහාභිමානී 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලට" ජයග්‍රාහකයන් තෝරාගැනීම සඳහා අංශ කිහිපයක් යටතේ දිවයින පුරා තරග පවත්වා තිබේ. ජලනල කාර්මික ශිල්පී, ටයිල් ඇතුරුම් ශිල්පී, කම්බි නැවුම් ශිල්පී, පින්තාරු ශිල්පී, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී, පෙදරේරු ශිල්පී, වඩු කාර්මික ශිල්පී, විදුලි කාර්මික ශිල්පී, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙහෙයුම් ශිල්පී යන අංශ යටතේ  එක් අංශයකින් දිවයිනේ ප්‍රථම ස්ථානය බැගින් තරග අංශ 9 සඳහා ජයග්‍රාහකයන් අද දින තෝරා ගැනේ. 
     
    ඊට අමතරව සියලුම තරග අංශ අතුරින් දක්ෂතා දක්වන විශිෂ්ටතම බහුවිධ නිපුණතා ශිල්පියා තෝරා ගැනීම ද මෙදින සිදු කෙරේ. 
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් බහුවිධ හැකියාවන්ගෙන් හා තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් විමල් විරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය (ICTAD) හා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) එක්ව "මහාභිමානී 2014" ජාතික ඉදිකිරීම් සම්මාන සංවිධානය කරනු ලැබේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya