මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන බොහෝ රටවලට අදහා ගන්න බැහැ

    නොවැම්බර් 11, 2014

    ස්කැන්ඩිනේවියානු රටවල්වලින් පසු නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින්නේ අපේ රටේ පමණක් යැයි ද අපි වාගේ පුංචි රටක් මේ වාගේ දැවැන්ත වැඩක් සිදුකිරීම බොහෝ රටවලට හිතාගන්නට බැරි බව ද ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වෛද්‍යවරුන්ට රජයේ වියදමෙන් උගන්නවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළින් වෛද්‍යවරුන් ඉගෙන ගන්නේ කියා කියපුවාම එක රටකදී එහෙ ඉන්න අය හිනාවෙනවා. යැයි ද එතුමා තවදුරටත් පෙන්වා දුන්නේය. 

    අමාත්‍යතුමා මේ අදහස් පළ කරන ලද්දේ දඹදෙණිය රෝහල් නව වාට්ටු සංකීර්ණය  "පිය දසුන සුව පියස" නමින් ජනතා අයිතියට පත්කීරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රිදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුතු පියදසුන පදනමේ මුල්‍ය දායකත්යයෙන් සහ බිටුලින්ක් ඉමල්ෂන් පෞද්ගලික සමාගමේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 4ක වියදමින් ප‍්‍රදේශවාසීන්ගේ ශ‍්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබීය. මේ වාට්ටු සංකීර්ණයේ රෝගීන් 50කට නේවාසිකව ප‍්‍රතිකාර ලබාගැනීමට ඉඩ සැලසී ඇත.   

    තමා ඉන්දුනීසියාවට ගිය අවස්ථාවක ඉන්දුනිසියානු පුරවැසියෙක් තමාට හමුවූ බවත් ඔහුගේ දරුවාට මෙනින්ජයිටිස් වැළඳී ප‍්‍රතිකාර ගැනීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ඔහුගේ දරුවා මියගිය බව තානාපතිතුමිය තමාට පැවසූ බව අමාත්‍යතුමා මෙහිදී පැවසීය. මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට ලොව බොහෝ දෙනෙකුට සිදුවී තිබෙන බව පෙන්වා දුන් ඔහු අපි වැනි කුඩා රටක් නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම ලොව දියුණු රටවල පුදුමයට හේතුවක් වී තිබෙන බවත් පැවසීය.

    ලොව බොහෝ රටවල තිබෙනන්නේ මුදල් ගෙවා වෙදකම් කරන ක‍්‍රමයක් බවත් චීනයේ ද මුදල් අය කරන බවත් අපේ රට වගේ රටක් ලොව කිසිදු තැනක නොමැති බවත් තවදුරටත් පැවසීය.

    අපේ රටේ නොයෙකුත් අංශවලින් බදු අයකරන්නේ ඇයි දැයි බොහෝ දෙනා ප‍්‍රශ්න කරනවා. ඒ අයට සුබසාධනය පිළිබඳ අදහස අමතක වෙනවා. සුබසාධන ආර්ථිකයෙන් මිදී වසරක් වෙළෙඳපොළ ආර්ථිකයක් පැවතියේ නම් සුබසාධනය ගැන මීට වඩා උනන්දු වන බවත් පැවසීය. ඛනිජතෙල් අංශය ගත්තොත් සෑම පෙට්ට‍්‍රල් ලීටරයකට ම රුපියල් 45ක බද්දක් ද ඩීසල් ලීටරයකට රුපියල් 13ක බද්දක් අයකරන බව ද ඔහු පැවසීය. මේ ආකාරයට බදු අයකරන්නේ රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය සේවය, සමෘද්ධි සහනාධාරය, පොහොර සහනාධාරය වැනි සුබසාධන සේවා පවත්වාගෙන යාමට බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ලොව සෑම රටක් ම බදු අය කරනු ලබන්නේ රටේ පොදු සේවාවන් පවත්වා ගෙන යෑමට බවත් කීය.

    නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ සහිත වෛද්‍ය සේවාවක් නොමිලේ ලබාදෙන බවත් පෙන්වා දුන් ඔහු රෝග නිධානය නිවැරදිව හඳුනාගෙන අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට ඇති හැකියාව නිසා රටේ ජනතාවගේ උපතේ දී ආයු අපේක්ෂාව ද වැඩි වී ඇති බව පැවසීය. නිදහස් සෞඛ්‍ය සේවය නිසා ගම්වල ජීවත්වන අහිංසක ජනතාවට මේ ප‍්‍රතිලාභ ලබාගැනීමට හැකි වී ඇති බව ද පෙන්වා දෙනු ලැබීය.

    අතීතයේ රෝහල්වලට පැමිණියේ රෝගයකට බෙහෙත් ගැනීමටයි. ඒ නිසා රෝහල් බෙහෙත් ශාලා වශයෙන් පැවතුණි. අද රෝග නිවාරණය සඳහා මූලික අවධානය යොමු කරඇත. මේ නිසා සෞඛ්‍ය සේවාව තුළ අලුත් තාක්ෂණය ඉතා අවශ්‍යයි. ඒ අවශ්‍ය තාක්ෂණය ලබාදීමට රජය ලොකු මහන්සියක් දරන බවත් අමාත්‍යතුමා තවදුරටත් පැවසීය. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya