මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් කිරි ගවයන් බෙදා දීමක්

    නොවැම්බර් 10, 2014

    යාපනයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා කිරි ගවයන් 100ක් පසුගිය ඉල් පුර පසළොස්වක පොහෝ දින යාපනය පුස්තකාලය අභියස දී බෙදා දුන්හ.


    උතුරු දකුණු ජනතාවගේ මිත්‍රතත්වය තහවුරු කිරීම සහ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමේ අදිටනින් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ  පදනමේ සභාපති  පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මෙම කිරි හරකුන් බෙදා දීම සිදු කරන ලදී.

    මෙහි සම්බන්ධීකරණ කටයුතු යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදු කරන ලද අතර මෙම අවස්ථාව සඳහා පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,  යාපනයෙහි හින්දු සහ ඉස්ලාමීය ආගමික නායකයන්,  යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා, ප්‍රජා නායකයන් සහ  එම පවුල්වල සාමාජිකවරු ද සහභාගී වූහ.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya