මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරණියගලට මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක්

    නොවැම්බර් 10, 2014
    ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම ඊයේ (09) දැරණියගල නගරයේ දී සිදුවිය. 
     
    ඒ දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අධිනීතිඥ එච්.ආර්. මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.
     
    මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට මැතිවරණ සංවිධාන කටයුතු සියල්ල අවසන් කර ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කරවීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. 
     
    විපක්ෂයට අද මැතිවරණ කටයුතු ආරම්භ කරනවා තියා අපේක්ෂකයෙකු වත් තොරා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත් කිසි කෙනකු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන්නට අකමැති බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කවුරුහරි බිල්ලටදී ගැලවීමට අද විපක්ෂය උත්සහ කරන බවත් පෙන්වා දුන්නේය.
     
    මහින්ද රාජපක්ෂ මැතිතුමාට අභියෝගයක් කළ හැකි කිසිවෙක් පෙනෙන තෙක් මානයක නොමැති බවත් ජනාධිපතිතුමාට අද මැතිවරණ සටන කරන්නට වෙලා තියෙන්නේ විපක්ෂය සමග නො ව විදේශීය බලවේග සමඟ බවත් ඒ මහතා පැවසීය.
     
    මැතිවරණ ජයග්‍රහණයත් සමග සන්ධානයේ 29 වන මැතිවරණ ජයග්‍රහණය අතිගරු ජනාධිපතිතුමා ලබා ගැනීම ගැන කිසිදු සැකයක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB/ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya