මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු අවසන් කෙරේ

    නොවැම්බර් 10, 2014
    හල්දුම්මුල්ල මීරියබැද්ද සිදුවීමෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ඊයේ (10) දිනෙන් අවසන් කළ බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    පුද්ගලයන් 13දෙනෙකුගේ සිරුරු සොයාගත් බවත් 24 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ඥාතීන්ගේ ලිඛිත ඉල්ලීම පරිදි අවසන් කිරීමට තීරණය කළ බවත් එම සියලු දෙනා වෙත මරණ සහතික නිකුත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
     
    එම ස්ථානයේ ස්මාරකයක් ඉදිකිරීමට ඥාතීන්ගේ ඉල්ලීම පරිදි කටයුතු කරන අතර ම එම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස නම් කිරීමට ද කටයුතු කෙරේ.
     
    මෙලෙස අවතැන් වූ පවුල් 57ක් වෙනුවෙන් අම්පිටියකන්ද ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක සියලු පහසුකම් සහිත නිවාස ඉදිකරදීමට රජය කටයුතු කෙරේ. ඉදිකිරීම් කටයුතු ඉදිරි සති දෙකක කාලයක් තුළ සිදු කිරීමට කටයුතු කෙරෙන අතර නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව විසින් නිවාස ඉදිකිරීමේ කටයුතු සිදු කරනු ලබයි. 
     
    මෙම ප්‍රදේශය අනාරක්ෂිත බවට 2005 වසරේ දී අනාවරණය කරගෙන ඇති අතර 2005 සිට 2011 කාලය තුළ මෙම ප්‍රදේශයේ ජීවත් වූ පවුල් 63ක් වෙනුවෙන් ඉඩම් ලබාදී ඇති අතර නිවාස 23ක් සම්පූර්ණයෙන් ද, 20කට අධික ප්‍රමාණයක් අර්ධ වශයෙන් ද නිම කොට ඇත. සෙසු පිරිස් ස්ථානයන් දෙකෙහිම පදිංචිකරුවන් වන අතර පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් එම ඉඩම් විකුණා දමා ඇත.
     
    මේ වන විට අවතැන් ව සිටින පුද්ගලයන් සඳහා විනාශ වූ නිවස වෙනුවට නව නිවසක් මෙන් ම සෙසු පුද්ගලයන් සඳහා ඉඩමක් ද නිවසක් සාදාගැනීමට මුදල් ප්‍රමාණයක් ද ලබාදෙන අතර මීට ඉහත දී ලබාදුන් ඉඩම්වල පදිංචිවීමට කැමැත්තෙන් පසුවන පුද්ගලයන් සඳහා එම ඉඩම්වල ද නිවාස ඉදිකරදීමට කටයුතු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya