මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සුරක්ෂිත පානීය ජලය

    නොවැම්බර් 10, 2014
    මධ්‍යම පළාතේ නැගෙනහිර සීමාවේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වකුගඩු රෝගීන් සිටින බවට වාර්තා වී ඇති බැවින් එම ප්‍රදේශයට සුරක්ෂිත පානීය ජලය පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කොට ඇත.
     
    ඒ අනුව විල්ගමුව ප්‍රදේශයට දිනකට ඝන මීටර් 5500ක ජල පවිත්‍ර කරන ධාරිතාවක් සහිත ව ජලය සැපයීමට මෙම නව විල්ගමුව ජල සම්පාදන ව්‍යාපෘතිය හරහා හැකිවන අතර මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 08කට ආසන්න මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ නව ජල සම්බන්ධතා 7500ක් 2036 වසර දක්වා ලබාදෙනු ඇත.
     
    දැනට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා පරිමාණයේ ජල සම්පාදන යෝජනා ක්‍රම 08ක් ක්‍රියාත්මක වේ. 
     
    ප්‍රදේශයේ නිදන්ගත වකුගඩු රෝගය සහිත රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින අතර වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්පූර්ණ ජනගහනයෙන් 2.2%කි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya